දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව පැය 15ක් දක්වා දීර්ඝ කිරීමට සිදුවීමේ අවදානමක් ඇතැයි ලංකා විදුබල වන ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
තාප බලාගාර සදහා ඉන්ධන සැපයීම තවදුරටත් අඩාල වුවහොත් එසේ විදුලි කප්පාදු කිරීමට සිදුවන්නේ යයි සංගමයේ සභාපති අනිල් රංජිත් ඉඳුවර මහතා පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේද පැවසීය.
“දැනට තෙල් ලැබිලා තියෙන්නේ බලාගාර දෙකක් සඳහා පමණයි. අපි දැනුවත් පරිදි අද සහ හෙට තෙල් ලැබෙන්නේ නෑ. මහජන උපයෝගීතා කොමිසම සහ දේශපාලන අධිකාරිය පිළිගත්තේ නෑ අපි මුල් කාලයේ කිව්වා පැයක් පමණ කපලා මේක ක්‍රියාත්මක කරමු කියලා. ඒ අය අපිට ඉඩ දුන්නේ නෑ ඒ මොහොතේ විදුලිය කපන්න. එදා අපි පැයක් කැපුවා නම් මේද තව ටිකක් පාලනය කරගන්න තිබුණා. ජනතාවට විදුලිය නැතුව විදුලිබල මණ්ඩලයක් මොකටද?.
දැනට පැය 10ක් විදුලිය කපනවා. ඒක පැය 12 කරන්න වෙයි, පැය 15 කරන්න වෙයි. එතකොට මට හිතෙන්නේ විදුලිය දෙන ප්‍රමාණය කියන එක වඩා හොඳයි කියලා.”