ජනපති ලේකම් කාර්යාලයේ බලය ලබන 19 වැනි දින ගාමිණීට..

ලබන 19 වැනි දින ගාමිණී සෙනරත් මහතා නව ජනාධිපති ලේකම්වරයා වශයෙන් වැඩ බාර ගැනීමට නියමිතය.

ඒ අනුව දැනට ජනාධිපති ලේකම්වරයා වශයෙන් කටයුතු කරන පී.බී. ජයසුන්දර මහතා අද (13) දින හෝ 15 වැනි දින ධූරයෙන් සමුගැනීමට නියමිතය.

කෙසේවෙතත් ජයසුන්දර මහතා සිය ධූරයෙන් ඉවත් වන බව දැනුම් දී තිබුණේ ජනවාරි 31 වන දිනය.

නමුත් ජනාධිපතිවරයා ඊට ප්‍රථම ධූරයෙන් ඉවත් වන ලෙස ඒ මහතාගෙන් ඉල්ලීමක් කර තිබිණ.

Back to top button