ජනාධිපති ලේකම් පුටුව පී .බී. ට අහිමි වෙයිද..

ජනාධිපති ලේකම් ධූරය සදහා පුද්ගලයන් කිහිප දෙනකුගේ නම් යෝජනා වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජනාධිපති ලේකම් ධූරය සදහා වඩාත්ම ආසන්න වී සිටින පුද්ගලයා ලෙස සැලකෙන්නේ එස්. අමරසේකර මහතාය.

අමරසේකර මහතා දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා ‌මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ අතර අද දින ඒ මහතා දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් එම තනතුර සදහා හමුදා නිලධාරියකුගේ නමද මේ වනවිට යෝජනාවක් වශයෙන් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ.

එමෙන්ම කොළඹ දිසා ‌ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ප්‍රදීප් යසරත්න මහතාගේ නමද, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී.එම්. අනුර දිසානායක මහතාගේ නමද ඊට යෝජනා වී ඇති බව පැවසේ.

කෙසේවෙතත් දැනට එම ධූරයේ කටයුතු කරන පී.බී. ජයසුන්දර මහතා තවදුරටත් එම තනතුරේ තබන ලෙස දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතින බවද දැනගන්නට තිබේ

Back to top button