අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ලිඛිතව භාර දී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැඩි ඉල්ලීම මත අගමැතිවරයා ඉල්ලා අස්වී ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
එම ඉල්ලා අස්වීම දැනට නිවේදනය නොකිරීමට තීරණය කර ඇති අතර සඳුදා දිනට පසුව බොහෝවිට ඒ සම්බන්ධයෙන් වන නිවේදනය නිකුත් කරනු ඇති බවත් වාර්තා වනවා.
මැයි 7, 2022