කොළඹ බොරැල්ල විජේරාම මාවතේ පිහිටා ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පදිංචිව සිටින නිවස අවට විජේරාම මාවතේ මේ වන විට විරෝධතාකරුවන් තුන් දහසක් පමණ දෙනා එක්ව දැවැන්ත විරෝධතාවක් සිදු කරමින් සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළා.
මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය වරයාගේ නිවස අවට යුද හමුදාව යොදවා ආරක්ෂාව දැඩි කර ඇති බවත් ඔහු කියා සිටියා.
මෙලෙස රැඳී සිටින විරෝධතාකරුවන් විවිධ සටන් පාඨ කියමින් ආණ්ඩුවට ඔවුන්ගේ අප්‍රසාදය පළ කරන අතර ඔවුන් සාමකාමී ලෙස හැසිරෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අප්‍රේල් 6, 2022