මේ කිරුළ මගේ නෙවෙයි මං වගේ දුක්‌විඳින අම්මාවරුන් වෙනුවෙන්…. අහිමිවූ කිරුළ යළි ලැබූ පුෂ්පිකා කියයි..

කැරොලින් ගැන විනය පරීක්ෂණයක්… සංවිධායක මණ්ඩලය
 
මේ කිරුළ මගේ නෙමෙයි. මං වගේ දුක්විඳින අම්මාවරුන් වෙනුවෙන් යැයි අහිමි වූ විවාහක රූ රැුජන කිරුළ යළි හමුවීමෙන් පසු පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඊයේ (06දා* මාධ්ය වෙත පැවසුවාය.
 
2020 ශරී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ විවාහක රූ රැජන කිරුළ පුෂ්පිකා ද සිල්වා මහත්මියට පැළඳවීමෙන් අනතුරුව එය බලහත්කාරයෙන් උදුරා දෙවන ස්ථානය හිමිකරගෙන සිටි තරඟකාරියට පැළඳවීමේ සිද්ධියෙන් පසුව ඊයේ නැවත මිසිස් ශරී ලංකා හි ශරී ලංකා ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින් නැවත පුෂ්පිකා ද සිල්වා මහත්මිය වෙත පැළඳවීම සිදුකර තිබුණි. එසේ පැළඳි කිරුළ දරාගෙන කොළඹ ෂැන්ගරීලා හෝටලයේ ඊයේ සවස පැවති මාධ්ය හමුවට එක්වෙමින් පුෂ්පිකා ද සිල්වා මහත්මිය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
 
අන්තිම මොහොතේදී එ් වෙච්ච දේ මගේ ජීවිතයේ මම කිසි දවසක බලාපොරොත්තු වුණ දෙයක් නෙමෙයි. හරිම කනගාටුයි. මට එ් වෙලාවේ බලාපොරොත්තු සුන්වුණා වගේ දෙයක් වුණේ.
 
කවදාවත් කාන්තාවකගේ අනාගතය වෙනුවෙන් කවුරුහරි කෙනෙක් එ් කෙනාගේ ඉදිරියට යන්න හදන ගමන නවත්වනවා නම් එ් රිද්දන දෙයින් සතුටක් ලබනවා නම් එ් දෙය ඇය ලබන ජයගරහණයක් නෙමෙයි. එ්ක පරාජයක්. මොකද මගේ ජීවිතයේ මට වැරැුදුණ තැන් ගොඩක් තියෙනවා. මට හිතාගන්න බැරි විදිහටයි වැරදුණේ. බලාපොරොත්තු නොවුන විදිහට. හැබැයි එ් වැටුණු හැම තැනකදීම මට ශක්තියක් වුණේ මගේ අම්මා තාත්තා. මේ දේවල්වලින් මගේ ඉදිරි අනාගතය වට්ටන්න බැහැ. මම හිතන්නේ නැහැ ඔවුන්ට එ් දේ කරන්න පුළුවන් කියලා. මම යකඩ ගැහැණියක්. වැටෙනවා නම් මීට අවුරුදු තුන හතරකට කලින් තමයි වැටෙන්න ඕනෑ. මොකද මම වැටුණු හැම තැනකදීම තමයි නැගිට්ටේ. මේ පාරත් එ්කයි. මම සාධාරණ විදිහට ජීවත්වෙන ගැහැනියක්.
 
කවුරු මට මොනවා කිව්වත් මට වැඩක් නැහැ. මම කරන්නේ හොඳ දේ.
 
මෙතැනින් ඉදිරියට මේ කරවුන් එක අරගන්න මට ලොකුම බලාපොරොත්තුව වුණේ මං වගේ දරුවෙක් එක්ක තනි වුණේ මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින්න. එ් වගේ ගැහැණු ලංකාවේ ගොඩක් දුක්විඳිනවා. මේ කිරුළ මගේ නෙමෙයි. මේ කිරුළ ඔවුන්ගේ. මම හිතන්නේ මේ කිරුළෙන් එ් වගේ තනි වුණ එක්දරු මව්වරුන් අනාගතය ගොඩනගන්න පුළුවන් නම් එ්ක තමයි එකම සතුට. මමත් ගැහැනියක් විදිහට එ් වගේ තනි වුණ එක් දරු මව්වරු විඳින මම හොඳින් දන්නවා. මේ කිරුළ තනි වුණ අම්මාවරුන්ට පරිත්යාග කරනවා. ලෝකයේ සියලූම තනි වුණ අම්මාවරුන් වෙනුවෙන් මම පරිත්යාග කරනවා.
මගේ ගොඩක් බලාපොරොත්තු තියෙනවා. මම මේ වෙලාවේ ඉන්නේ හොඳ මානසිකත්වයක නෙමෙයි. මාධ්ය සහ සමාජ මාධ්ය මට පුදුම සහයෝගයක් ලබාදුන්නා. හරි දේ වෙනුවෙන් වගේම අසාධාරණයක් වුණ තැන්වලදී සාධාරණය වෙනුවෙන් පෙනී ඉන්න ලෙස මම මාධ්යයෙන්ද ඉල්ලා සිටිනවා. ඇත්තටම මට වුණ අසාධාරණය වෙනුවෙන් තමයි මම නීතිය හමුවට ගියේ. මොකද ඕනෑම කෙනෙක් බලන්නේ තමන් ගැන. නීතියක් තියෙන්නේ අසාධාරණ වුණ මිනිස්සු වෙනුවෙන්. එ්ක හින්දා මට වුණ අසාධාරණය වෙනුවෙන් කුරුඳුවත්ත පොලිසිය පැමිණිල්ලක් දැම්මා. මම හිතන්නේ කිහිපදෙනෙක් ඇවිල්ලා තිබුණා. අනික විභාග කරන්න මම හිටියෙත් නැහැ. මම හිටියේ රෝහලේ. මම හිතන්නේ හෙට (08දා* උදේ හැමෝටම එන්න කියලා තියෙනවා. එතැනදී බලාගන්න පුළුවන් පැමිණිල්ල අනුව අදාළ කටඋත්තර අරගෙන මොනවාද ඉදිරියේදී වෙන්නේ කියලා. එදා වුණ පරශ්නය ගැන නැවත පුන පුනා කතා කරන්න කැමැති නැහැ. එ්ක අතීතයට ගිහින් ඉවරයි. මාව අපකීර්තියට ලක් කරපු පාර්ශවයන්ට සමාව දෙනවා. දෙවියන්වහන්සේ වුණත් අපිට උගන්වලා තියෙන්නේ වෛර කරන්න එපා ආදරය කරන්න කියලා.
 
මිසිස් ශරී ලංකා හි ශරී ලංකා ජාතික අධ්යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා
තරගාවලිය අවසන් වෙන්න කලින් ඇය දික්කසාද වුණොත් විතරයි ඇය නිර්දේශ නොවන්නේ. වෙන්වෙලා ඉන්නවා කියන එක මෙම තරගාවලියට කිසිම බාධාවක් නොවන බව ඊයේ දිනයේදී ඔවුන් මට ලිඛිතව දන්වලා තියෙනවා. මිස් ශරී ලංකා තරගාවලියේ අවසාන තීරණය මට සහ විනිශ්චය මණ්ඩලයට ලබාගන්න අවසරදීලයි තියෙන්නේ. ඉතිං එ් නිසයි අද දවසේ පුෂ්පිකාට නැවත වතාවක් කිරුළ පැළඳුවේ.
 
අවසාන මොහොත වෙනකම් අපි දැනගෙන හිටියේ නැහැ මෙහෙම දෙයක් වේවි කියලා. මටත් එ් ගැන හිතාගන්න බැහැ. එදා දවසේ වුණ වැරැුද්ද මම අද දවස වෙනකොට නිවැරදි කළා. ජාත්යන්තරයේ සිටින ඔවුන් පවා මේ වුණ සිද්ධිය ගැන දුක්වුණා. එ් වගේම ඔවුන් කැරලියන් ජූලිට කියලා තියෙනවා පුෂ්පිකාගෙන් සමාව අයැදින්න කියලා. එ් වගේම ඔවුන් මම හිතන්නේ පරීක්ෂණයක් පවත්වනවා. විශේෂයෙන් එ් වෙලාවේ ඔවුන් සඳහන් කරලා තියෙනවා පුෂ්පිකා හැසිරුණ ආකාරය හරි පරශංසනීයයි කියලා. ඉතිං මම මේ තත්ත්වය හෙළා දකිනවා. බොහොම කනගාටුදායක තත්ත්වයක්. මොකක්ද මේ වුණේ කියලා මට හිතා ගන්නවත් බැරිවුණා. පරශ්නයක් තිබුණා නම් විසඳගන්න කාලයක් තිබුණා. හොඳ කරමයකට මේ පරශ්නය විසඳගන්න ඇයට තිබුණා. පුෂ්්පිකාට වුණ අසාධාරණය වෙනුවෙන් මම ඇයගේ පැත්තේ හිටගන්නවා. සංවිධායක මණ්ඩලය විදිහට මිස් ශරී ලංකා වර්ල්ඞ් ඕගනයිසේෂන් එක විදිහට ඇයට වුණ දේට අපිත් සමාව ඉල්ලනවා.
 
දිනේෂ් විතාන,  ඡායාරූපය නිශාන් එස්. පරියන්ත

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button