රන්ජන්ට මන්ත්‍රී නිවසත් නැතිවෙයි..

දැනට සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතාට ලබා දී තිබෙන මාදිවෙල මන්ත්රී නිවසින් සිය භාණ්ඩ ඉවත් කරගැනීමට සිදුව ඇත.
 
සිර දඬුවම් විඳින රන්ජන් රාමනායක මහතාගේ නීතීඥයන් භාණ්ඩ ඉවත් කර ගැනීම සඳහා මාස තුනක සහන කාලයක් ඉල්ලා ඇති අතර එම කාලය ලබන 20 වන දා අවසන් වීමට නියමිතය.
 
මේ අතර නවක මන්ත්රීවරු සඳහා ලබා දීමට නිවාස නොමැති බැවින් යම් ගැටළු කාරී තත්වයක් ඇති බවද පාර්ලිමේන්තු මන්ත්රී සේවා අංශයේ නිලධාරියෙක් මාධ්ය වෙත සඳහන් කර තිබුණි.

Back to top button