‘මාර්ග සංවර්ධන හිතවතුන්ට’ ලොකු හැන්දෙන් බෙදලා – කෝටි 20කට වැඩි පාඩුවක්..

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් 174 දෙනෙකුට වැටුප් හා දීමනා වැඩි කිරීම නිසා රජයට රුපියල් කෝටි 20කට වැඩි මුදලක් පාඩු සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණය වී ඇත.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන්ට පටහැනිව ඉහළ වැටුප් කාණ්ඩ මත පිහිටුවා වැටුප් ගෙවීම නිසා මේ පාඩුව සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ නිලධාරියෙක් පැවැසීය.

මෙලෙස වැටුප් හා දීමනා වැඩිපුර ගෙවා ඇතැයි පැවසෙන්නේ 2020 වර්ෂයේදීය.

මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ බඳවා ගැනීම් උසස්වීම් මාරු කිරීම් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කෙරුණු බඳවා ගැනීමේ පටිපාටිය එම කාලසීමාවේදී යොදාගෙන නැතැයි විගණන නිලධාරීහු පවසති.

මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය 13,000ක් බවත් එම කාර්ය මණ්ඩලය දිවයින පුරා ව්‍යාප්ත වන පරිදි අනුමත කර ඇති බවත් ජාතික විගණන කාර්යාලයේ වාර්තාවක සඳහන් වේ

Back to top button