කොළඹ හොරණ මාර්ගයේ පාමංකඩ – ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත වැල්ලවත්ත දක්වා මංතීරූ 4ක් යටතේ පුළුල් කොට සංවර්ධනය කල මාර්ගයේ වැඩ අවසන් අදියරේ ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු පවසා සිටියේ මෙම මාර්ග කොටස පුළුල් කොට සංවර්ධනය කිරිම සහ පාමංකඩ පාලම පුළුල් කොට ඉදිකිරීමත් සමඟ දැනට පාමංකඩ – ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවත හරහා එක් දිශාවකට ගමන් කරන රථවාහන වලට දෙදිශාවටම ගමන් කිරීමට හැකියාවක් ලැබෙන බවයි.
එමෙන්ම කොහුවල සහ පාමංකඩ නගරවල පවතින රථවාහන තදබදයට විසඳුම් ලැබෙන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දෙනවා.