සරාගේ වාඩියට රිංගන එස්. කේ. සිරිසේන..

රාජ්ය දැව සංස්ථාවේ අවුරුදු තිස් අටක් වැඩ කළා
 
 
එස්. කේ. සිරිසේන කියන්නෙ සරාලගෙ පොට් එකට බැහැල පිනාට අඩියකට සෙට් වෙලා මාරුවෙන පොරක්. ඔය අතර ඇණයක් වෙන අවස්ථාත් නැතුවම නෙවෙයි. කොහොම වුණත් හොඳ කතාකාරයා.
 
සිරිසේන එහෙම වුණත් උපතිස්ස කොහොමද කියල කවුද දන්නේ. අපිට හිතුණා ඒ ගැනත් හොයලා බලන්න. උපතිස්ස බාලසූරිය අපිට ඒ දෙන්නා ගැනම මෙහෙම කිව්වා.
 
දැන් යාළුවො කතාකරන්නෙ සිරිසේන කියලලූ?
 
නාඩගම්කාරයෝ ජනපරිය වීම හරහා සිරිසේන කියන චරිතයට ලැබෙන ආකර්ෂණයත් එක්ක තමයි මේ දේ සිද්ධ වෙන්නෙ. ඇත්තටම මට ඒ ගැන දැනෙන්නෙ සතුටක්.
 
සිරිසේන සමාජයට දෙන්නෙ වැරදි ආදර්ශයක් යන චෝදනාව එල්ල වෙලා නැද්ද?
 
මේ කියවෙන්නෙ ගම්වල සාමාන්ය තත්ත්වයක්. නමුත් කතාව හරහා රචකයා සෞන්දර්යාත්මකව ඒ කළු චරිත උපහාසයට ලක්කරන ගමන් ඔවුන් ඒ තැනට පත්වුණේ ඇයි කියන දේ සියුම්ව විගරහ කරනව. අපේ රටේ තියෙන අධ්යාපන කරමයේ දුර්වල බවත්” ඒ තුළින් බිහිවන චරිතවල ස්වභාවයත් මේ කතාව තුළින් පෙන්වා දෙන්න හොඳ උත්සාහයක් අරගෙන තියෙනව.
 
ගෙදරින් අකමැති වුණේ නැද්ද?
 
එහෙම පරශ්නයක් වුණේ නැහැ. මේක චරිතයක්නෙ. එහෙමනම් ගාමිණී ෆොන්සේකා යකඩයා” හුලවාලි වගේ චරිත කළේ. විජය කුමාරතුංග මරු සිරා චරිතය කළේ. කළු චරිත කළු වෙන්නෙත් සුදු චරිත සුදු වෙන්නෙත් රංගන ශිල්පියාගේ දක්ෂතාව මත.
 
මේ ඔබ කැමැත්තෙන් භාරගත් චරිතයක්?
 
ඔව්… ඔව්… බොහොම කැමැත්තෙන් භාරගත්ත චරිතයක්.
 
මොකක්ද මේ ජනපරියත්වයේ රහස?
 
ඇත්තටම කිව්වොත් සද්ධාමංගල සූරියබණ්ඩාර සහ ජයපරකාශ් සිවගුරුනාදන් සුසංයෝගය වගේම අනෙකුත් සියලූම ශිල්පීන්ගේ එකමුතුකම සහ කැපවීම තමයි මේ ජනපරියත්වයේ රහස වෙන්නෙ.
 
ඔබේ බලාපොරොත්තුව සම්මානයක්ද?
 
ලංකාවේ සම්මාන උළෙල කොයිතරම් දුරට සාර්ථකද” සාධාරණද කියන දේ ගැන මට පෞද්ගලිකව ගැටලූවක් තියෙනව. ඒ ලැබෙන දේත් මේසයක් උඩ තියේවි. නැත්නම් දිරල යාවි. නමුත් මේ වෙනකොට එහෙම විනාශ නොවෙන ඉහළම සම්මානය මට ලැබිලා තියෙනව. ඒ තමයි ප්රේක්ෂකයන්ගේ සම්මානය. ඒක මිල කරන්න බැහැ. තවත් පරම්පරා දෙකතුනක්වත් සුරැුකිව තියෙන බවට මට විශ්වාසයි.
 
දේශපාලන කතා බහ මේ තරම් හුරු වුණේ කොහොමද?
 
අපේ පවුල් පසුබිම ගත්තත් කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ. ලංකාවේ ජීවත් වෙන එක තමයි මට තියෙන එකම පසුබිම. ඇන්ඞ් කොම්පැනි කතාමාලාවේ අවුරුදු හතක් විතර දේශපාලන චරිතයක් නියෝජනය කළා. ඒ අත්දැකීමත් මට තියෙනව. කොහොම වුණත් මේ දේවල් මගේ ඇෙඟන්ම එනව ඇති කියලයි මට හිතෙන්නනෙ.
 
උපතිස්ස මොනවගේ චරිතයක්ද?
 
පුද්ගලික ජීවිතයෙදි මම බොහොම නිහතමානීව ජීවත් වෙන්නට උත්සාහ කරන කෙනෙක්.
 
කලාව ඔබේ වෘත්තියද?
 
මම වෘත්තිය හැටියට වැඩ කළේ රාජ්ය දැව
සංස්ථාවේ වසර තිස් අටක සේවා කාලයක් නිමා කරලා පසුගිය කාලයේ විශරාම ලැබුවා. කලාව හැමදාමත් මම සැලකුවේ මගේ විනෝදාංශය විදිහට.
 
නිර්මාණවලට දායක වුණේ අඩුවෙන්?
 
ඔව්. මගේ රැුකියාවත් එක්ක නිර්මාණවලට දායක වෙන්න තිබුණ කාලය අඩු වුණා. ඒ නිසයි ඒ අඩුව දැණුනෙ. නමුත් දැන් එහෙම ගැටලූවක් නැහැ.
 
සිනමාව වෙනුවෙන් ඔබේ දායකත්වය?
 
සිනමාවේ කුඩා චරිත කිහිපයකට හැරෙන්න ලොකු දායකත්වයක් සපයන්න මට අවස්ථාව උදාවෙලා නැහැ. මම බලාපොරොත්තු වෙනව ඉදිරියේදී ඒ අවස්ථාව උදාවේවි කියල.
මෙතෙක් ඔබට නොලැබුණ චරිතයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවද?
චරිතයක් වෙනුවෙන් කියල විශේෂ බලාපොරොත්තුවක් නැහැ. ලැබෙන චරිතයකට සාධාරණයන් කරන්න පුළුවන් කියල හිතෙනව නම් ඒ චරිතය භාරගන්න මම සූදානම්.
 
වේදිකාවට නැවත ගොඩවෙන්න සූදානමක් නැද්ද?
 
වේදිකාව කියන්නෙ මම බොහොම ආසා කරන වගේම ගරු කරන තැනක්. ආරාධනයක් ලැබෙනවනම් එතනට ගොඩ වෙන්න මගේ කිසිම අකමැත්තක් නැහැ. වේදිකාවෙන් ලබන තෘප්තිය වෙන කිසිම තැනකදි ලබාගන්න බැහැ.
 
ඔබේම නිර්මාණයක් ගැන අදහසක් නැතිද?
 
ඇත්තටම එහෙම දෙයක් ගැන නම් හිතල නැහැ. රටේ පවතින ආර්ථික ව්යසනයත් එක්ක නිෂ්පාදකයන් අමාරුවේ දාන්නත් බැහැ. මුදල් සමග කරන ගනුදෙනුවක් නිසා හොඳට හිතල බලල ඒ ගැන තීරණයක් ගන්න ඕන.
 
රංගන ශිල්පියා සහ පේරක්ෂකයා අතර බැඳීම ඔබ දකින්නෙ මොන විදිහකටද?
 
අපි මෙහෙම ගමුකො. දොස්තරවරුන්ට ලෙඩුන් නැතිව පැවැත්මක් නැහැ” හාමුදුරුවන්ට දායකයන් නැතිව පැවැත්මක් නැහැ” ගුරුවරුන්ට ශිෂ්යයන් නැතිව පැවැත්මක් නැහැ වගේම රංගන ශිල්පීන්ට පේරක්ෂකයන් නැතිව පැවැත්මක් නැහැ. මේක තමයි සරලම පැහැදිලි කිරීම.
 
මහේෂ් එදිරිසිංහ

Back to top button