
සරිත්, සුරිත් කියන්නේ වයස් භේදයිකින් තොරව අපේ රටේ කවුරුත් ආදරය කරන චරිත දෙකක්. තමන්ට අනන්ය වූ අපූරු සංගීත රටාව හින්දා තමයි බොහෝ දෙනා මේ දෙන්නට ආදරය කරන්නේ. ඒ වගේම තමන්ගේ වයසට වැඩිය වැඩ පෙන්නුව කලාකරුවෝ දෙන්නෙක් විදිටයත් මේ දෙන්නා ප්රසිද්ධයි.
මේ දවස්වල ගෙදරට ඉඳන් කලින් පටන් අරගෙන තිබුණු අපේ සිංදු කිහිපයක වැඩ ඉවර කරගෙන යනවා.
ඔව්. ළඟදිම ඒ ටික අහන්න දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
ඇත්තටම ලොකු සන්තෝෂයක් තියෙනවා. 2012දි තමයි අපි ගැන බොහෝ දෙනා දැන ගත්තේ. ඒ සිරසේ තිබුණු තරගාවලිය නිසා. ඒ වෙද්දි අපේ වයස අවුරුදු 12යි. දැන් අපි හොඳට වැඩ තියෙන බෑන්ඩ් එකක්. අපිට ආදරය කරන ලොකු පිරිසක් ඉන්නවා.
මෙහෙමයි. මියුසික් බැක් ග්රවුන්ඩ් එක අපි දෙන්නටම පොඩි කාලේ ඉඳලාම ලැබුණා. මොකද අපේ තාත්තා මියුසික්වලට සම්බන්ධ කෙනෙක්. ඒ හින්දා මියුසික් එක්ක තමයි අපි දෙන්නා හැදුණේ. ඒත් කවදාහරි මේ වගේ තැනකට එනවා කියන හීනයක් අපිට තිබුණේ නැහැ.
ගෙදර ඒ වගේ වටපිටාවක් තිබුණත්, අපිට මේ දේ කරන්න කියලා කවුරුවත් බලපෑම් කළේ නැහැ. අපි වාදනය කරන සංගීත භාණ්ඩ පවා අපිමයි තෝරා ගත්තේ. අපි ගිටාර් එක ඩ්රම් එක ගහන්න ගත්තේ ස්කෝලේ යන්නත් කලින්. ස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ ඒ දේවල් හදාරන්න අපිට පුළුවන් වුණා. ඒත් ඒ තෝරා ගැනීම් අපි කළේ තනිවමමයි.
අපි ඒ ගැන දැන ගත්තේ ටී. වී. එකෙන්. ඒක දැකලා නිකමට වගේ තමයි අයදුම්පත් දාන්න තීරණය කළේ. ඇත්තටම අපේ ජීවිතයේ හැමදෙයක්ම වෙනස් වුණේ එතැනින්. ඒක අදටත් අදහාගන්න බැරි වැඩක්. අපි ඒ වෙද්දි රූපවාහිනියේ දැකලා තිබුණු අයත් එක්ක එකට වාදනය කරන්න ඒ හරහා අපට අවස්ථාව ලැබුණා. ඒක අමුතුම හැඟීමක්. එතැන විවිධාකාරයේ ශෛලීන් තියෙන අය හිටියා. අපිට තිබුණේ වෙනම ශෛලියක්. ඒත් ඒ තරගාවලියේ ඒ තරම් දුරක් යන්න පුළුවන් වේවි කියලා අපට හිතුණේ නැහැ. කොහොම හරි අන්තිම වෙනකම් අපි ආවා. දැන් ආපහු හැරිලා බලද්දි ඒ ගැන පුදුමත් හිතෙනවා.
සංගීතය කිව්වම ඒක විවිධාකාරයි. හරියට කෑම වගේ. ගමේ කෑම, චයිනීස් කෑම වගේ විවිධාකාරයේ ඒවා තියෙනවා. එතැන අපේ ස්ටයිල් එක වෙනස්. ඒකට ආදරය කරන රසිකයෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිස දිනෙන් දින වැඩි කරගන්න එක තමයි අපිට අවශ්ය. ඒ වගේම ඒ අය හැමදාම අපි එක්ක තියාගන්න එකත් අපේ වැඩක්
.
මං හිතන්නේ අපි පොඩි කාලේ ඉඳන් ආව විදිය තමයි ඒ. ඩ්රම්ස් සහ ගිටාර් කියන දේ තමයි අපේ මූලික වාද්ය භාණ්ඩ. ඒ ශබ්ද මුල්කර ගත්තු හඬක් තමයි අපිට තියෙන්නේ. ඒ ශබ්දය තමයි අපි එළියට දෙන්නේ. අපේ ඒ හඬට ආස පිරිස තමයි අපි එක්ක ඉන්නේ. අපි කවදාවත් කාවවත් අනුකරණය කරලා නැහැ. මං හිතන්නේ දැන් ඒ හඬ අපේ අනන්යතාවය බවට පත් වෙලා.
ඒ අදහස ආවේ අපි ස්කෝලේ 10 වසරේ ඉගෙන ගන්න කාලේ. ඒ කියන්නේ 2015, 2016 විතර. ඒ වෙනකම් අපි දෙන්නා විතරයි ප්රසංග සඳහා සහභාගි වුණේ. ඒ වෙද්දිත් අපි දෙන්නට ආරාධනා රාශියක් තිබුණා. ඒ වගේම සංගීත කණ්ඩායමක් හදන්න කියලත් අපිට ඉල්ලීම් රාශියක් ඇවිත් තිබුණා. අපි ඒ වෙද්දි කොළඹ ආනන්ද විද්යාලයේ ඉගෙනමු ලැබුවේ. අපේ පාසලේම යාළුවෝ කිහිප දෙනෙක් සහ වෙනත් පාසලක යාළුවෝ කිහිප දෙනෙක් එකතු කරගෙන තමයි කණ්ඩායම පටන් ගත්තේ.
ඒක අහම්බෙන් වුණු දෙයක්. අපි කණ්ඩායම හදලා පළමු ප්රසංගයේ අවසන් පුහුණුවීම් සඳහා යද්දිත් අපිට හරි නමක් තිබුණේ නැහැ. ඒත් එදා අපි නමක් දා ගත යුතු වුණා. ඒ වෙලාවේ තමයි ඔය නිව්ස් කියන නම යෝජනා වුණේ. වැඩිදුර හිතන්නේ නැතිව අපි ඒක දැම්මා. ඒක සාර්ථක වුණා. ඇත්තටම නිව්ස් කියන්නේ නිතරම අලුත් වෙන දෙයක්නේ. ඒ හින්දා ඒ නම අපිට හොඳට ගැලෙපෙනවා කියලා දැන් හිතෙනවා.
ඇත්තටම දෙතුන් දෙනෙක් හැරුණම මුල් සාමාජිකයෝ කිහිප දෙනා අපි එක්ක තවම ඉන්නවා. අධ්යාපන කටයුතු හින්දා කාලෙකට ඈත් වුණත් ඒ අය නැවත අපි එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. අපි හොඳ යාළුවෝ. ඒත් අපි කරන්නේ වෘත්තියක්. ඉතිං වෘත්තීය ජීවිතයට යාළුකම් පටලවා ගන්න බැහැ. කණ්ඩායමේ කළමණාකරු විදියට තාත්තා තමයි අපිට ඒ උපදේශය දුන්නේ. ඇත්තටම එතැනදි තාත්තා කටයුතු කරන්නේ අපි එයාගේ පුතාලා විදියට නෙවෙයි. එතැනදි වෘත්තියම විදියට තමයි තාත්තා කටයුතු කරන්නේ. මේ තරම් දුර එන්න අපිට පුළුවන් වුණේ ඒ හින්දා කියලයි මම හිතන්නේ.
අපි දෙන්නා ඇරුණම විහාර, රශ්මික, ලෙහාන්, වෙනුක්, තිලින සහ සෙනුරි තමයි අපේ කණ්ඩායමේ ඉන්නේ. ඇත්තටම මේ වෙලාවේ ඒ අයගේ පවුල්වල අයවත් මතක් කරන්න ඕනෑ. ලංකාවේ පාසල් වයසෙදි මේ වගේ දෙයක් කරන්න බොහෝ දෙමව්පියෝ ඉඩ දෙන්නේ නැහැ. ඒත් අපි හැමෝටම ඒ අවස්ථාව ලැබුණු හින්දයි අපි අද මෙතැන ඉන්නේ. ඒ ගැන අපේ දෙමව්පියන්ට වගේම ඒ දෙමව්පියන්ටත් ස්තුති කරන්න ඕනෑ.
එහෙම ලොකු බලාපොරොත්තු නැහැ. මේ මොහොතේ නම් එකම බලාපොරොත්තුව පුළුවන් තරම් පරිස්සම් වෙලා ඉන්න එක. ඊට අමතරව කලින් කිව්වා වගේ අලුත් සිංදු ටිකේ වැඩ ඉවර කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
චන්දන පොන්නම්පෙරුම.