රජයේ සියලු පාසල්වල දෙවන වාරය හෙට ඇරඹෙයි..

රජයේ සහ රජයේ ලියාපදිංචි සියලුම පෞද්ගලික පාසල්වල සියලු ශ්‍රේණි දෙවන වාරය සඳහා හෙට(19) විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා.
ඒ සඳහා පාසල් පවිත්‍ර කිරීමේ කටයුතු අද (18) බොහෝ ප්‍රදේශ වල සිදු කෙරුණා.

සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදී ඇති උපදෙස් සහ පසුගිය මාර්තු මාසයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයේ උපදෙස්වලට අනුකූලව හෙට දිනයේ පාසල් ඇරඹීමට නියමිතයි

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ පාසල් වෙත සිසුන් ගෙන්වීම සම්බන්ධයෙන් නව නිර්දේශ ඉදිරිපත් කරන තෙක් පසුගිය පාසල් වාරයේ ක්‍රියාත්මක කළ ආකාරයට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව පන්තියක සිසුන් සංඛ්‍යාව 15ට අඩු නම් සියලු සිසුන් දිනපතා පාසල වෙත කැඳවිය යුතු අතර සිසුන් 16ත් 30ත් අතර සිටී නම් කණ්ඩායම් දෙකක් ලෙසට ද සිසුන් 30ට වැඩි නම් කණ්ඩායම් 3ක් වශයෙන් ද කැඳවීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button