විමල්ට සහ උදයට, ඇමති ආරක්ෂාව තවදුරටත්..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට තවදුරටත් කැබිනට් අමාත්‍යවරුන් සඳහා ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සාමාන්‍යයෙන් ලබාදෙන්නේ ආරක්ෂකයින් දෙදෙනෙකු පමණි. ‍

ඒ අනුව පසුගියදා අමාත්‍ය ධූරයෙන් ඉවත් කෙරුණු විමල් වීරවංශට සහ උදය ගම්මන්පිලට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ගණන ද අඩු කිරීමට නියමිතව තිබුණද අගමැතිවරයාගේ උපදෙස් මත ඇමැති ආරක්ෂාව දිගටම ලබා දීමට පියවර ගෙන ඇති බව පැවසේ.

Back to top button