උදාවන අලුත් අවුරුද්ද ඔබට සහ රටට..

උදාවන්නේ තවත් අලූත් අවුරුද්දකි. ඇත්තටම ජ්‍යෝතිෂය අනුව නව වසරක උදාව ලෙස හ`දුන්වන්නේ ජනවාරි 1 දා නොව අපේ‍්‍රල් 14 දාය. ඒ සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක‍්‍රමණය වන අවස්ථාවයි.

මෙවර අපේ‍්‍රල් 14 බදාදා පාන්දර 2.33 ට සූර්ය සංක‍්‍රාන්තිය හෙවත් හිරු මීන රාශියෙන් මේෂ රාශියට මාරුවීම සිදුවන්නේය. මේ වේලාවට ශනි හිමි මකර ලග්නය උදාවන අතර රවි චන්ද්‍ර සිකුරු හතරවැන්නේද, ශනි ලග්නයේද ගුරු දෙවැන්නේද රාහු පහේද කුජ හයේද ගමන් කරමින් සිටී.
සංවත්සර කේන්ද්‍රයට අනුව රටේ තත්ත්වය මිශ‍්‍රපලදායක බවත් පෙනේ. ගමනාගමන සන්නිවේදන අංශවල විශේෂ දියුණුවක් ඇති විය හැකිය.
රටට විරුද්ධ අහිතවාදි බලවේග කි‍්‍රයාත්මක විය හැකි බවත් මේ පිළිබ`දව දැඩි අවධානය යොමුවිය යුතු බවත් පෙනේ. අධ්‍යාපන අංශවල ශිෂ්‍යයින්ගේ විනය පිරිහීමක් දක්නට ලැබෙන බවද පෙනේ. කෙසේ නමුත් අධ්‍යාපනයේ ප‍්‍රගතියට රජය විසින් ප‍්‍රයෝජනවත් පියවර කිහිපයක් ගැනීමට පෙළඹේ. ක‍්‍රම ක‍්‍රමයෙන් රටේ ආර්ථිකය යහපත් විය හැකියි.

මේ වසර තුළ සූර්යග‍්‍රහණ දෙකක් හා චන්ද්‍රග‍්‍රහණ දෙකක් සිදුවීමට නියමිතය. මේ හැර රටේ තත්ත්වය විමසීමේ දී ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ ගෝචර ග‍්‍රහචාරය ද සැලකිය යුතු වේ. නව වසර උදාවේ දී ශ‍්‍රී ලංකාව හිමි කුම්භ ලග්නයේ තුන්වැන්නේ රවි උච්චව බුධ හා සිකුරු සම`ග ගමන් කරයි. ගුරු ලග්නයට මාරු වී ඇති අතර ලග්නාධිපති ශනි තවදුරටත් දොලහේම ගමන් ගනිමින් සිටී.

පසුගිය වසරට වඩා තරමක සුබපල බලාපොරොත්තු විය හැකිවේ. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ ගැටලූ බොහෝ දුරට විසෙ`දන බව පෙනේ. වාසනාවන්ත දරුවන් බිහි වෙයි. වියදම් පාලනය කර ගැනීමට හැකි වේ. ගමනාගමන, විදුලි, තැපැල් අංශවල ප‍්‍රගතියට මුල් මාසවලදී කරුණු යෙදේ. විදේශ රටවල විරෝධතා සමනය වේ.

එහෙත් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල තරමක කරදරකාරී බවක් නැවත උද්ගත වේ. යටහත්ව තිබූ වසංගත රෝග තත්ත්වයන් නැවත මතුවීමට ඉඩ තිබේ. විදේශ රටවලින් එල්ලවන චෝදනා නැවත මතුවිය හැකියි. මේවාට කල් ඇතිව සූදානම් වීම බලධාරින්ගේ වගකීමකි.
නොවැම්බර් 20 සිට මේ තත්ත්වය නැවත සුබ අතට හැරෙනවා ඇත. සියලූ දෙනා ආගමානුකූල ජීවිත ගත කරමින් මෙත් සිතින් කටයුතු කරන්නේ නම් අපල දුරුවී සුබපල උදාකරනු ඇති බව ඉසිවර මතයයි.

මේෂ
රවි උච්චව ලග්නයේද, ගුරු එකොලහේද කුජ තුනේ හා ශනි දහයේද ගමන් කරමින් උදාවන මෙම වසර ඔබට බොහෝ දුරට සුබපල දායකයි. ගතවූ කාලයේ තිබූ දැඩි අවිවේකය පහව යයි. යහපත් මිතුරු මිතුරියන්ගේ ඇසුර ලැබේ. රැකියා නැති අයට රැකියා ලාභ ලැබේ. අන් අයගේද රැකියා උසස්වීම් වලට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. දරුවන්ට සුබයි. දරුලාභ ගැන බලාපොරොත්තු වන අයට ඒ අපේක්ෂා මල්ඵල ගැන්වීමට හැකිවේ.
අසනීප සුව අතට හැරෙනවා ඇත. නමුත් සැප්තැම්බර් 16 හා නොවැම්බර් 20 අතර කාලය තරමක බාධා ඇති කරන බව පෙනේ. අවිවේකය සෞඛ්‍ය ගැටලූ උසස් අය සම`ග අමනාපවීම වැනි කරදර ඇතිවීමට ඉඩ තිබේ. නොවැම්බර් අග සිට මේ තත්ත්වය යහපත් වනවා ඇත.
අපේ‍්‍රල් මැයි මාසවල විශේෂ සුභ කටයුතු ආරම්භයට සුබ නැකත් යෙදේ. අවිවාහක අයට මංගල යෝග උදාවෙන කාලයකි.
තවද කේතු දශා ගතකරන අයට ශරීරයේ විටමින්, යකඩ ඌනතා පිළිබ`ද ගැටලූ ඇති විය හැකියි. මේ නිසා පෝෂණය ගැන සැලකිලිමත් වෙන්න. දිනපතා බුද්ධ වන්දනාව හෝ තමන් අදහන ආගම සිහිකර විනාඩි කිහිපයක්වත් මෛතී‍්‍ර භාවනාව කිරීම, කරණීය මෙත්ත සුත‍්‍රය භාවිතා කිරීම අපල දුරු වීමට හා සුබඵල දීමට හේතුවනවා ඇත.

වෘෂභ

ලග්නාධිපති සිකුරු සම`ග රවි දොලහේද ගුරු දහයේද ශනි නමයේද ගමන් කරමින් උදාවන වසර මිශ‍්‍රපලදායකයි. වසරේ මුල් මාසය ශරීර සෞඛ්‍යයට බාධා, උසස් අය අමනාපවීම වැනි කරුණු යෙදීමට ඉඩ තිබේ. ඌෂ්ණාධික රෝගවලින් ප‍්‍රවේශම් වෙන්න.
තරමක් අවිවේකී බවක් ඇතිවේ. විශේෂයෙන් රැකියා හෝ ව්‍යාපාර අංශවල උසස් අය සම`ග කරන කටයුතුවලදී ප‍්‍රවේශම් වන්න. එහෙත් ආගම දහමට හෝ සමාජ සේවාවන්ට හිත ඇදී යයි. වියදම් ඉහල යෑමට ඉඩ තිබේ. ගෘහ ජිවිතයේ දියුණුවට කරන කටයුතුවලට අනපේක්ෂිත බාධා ඇතිවීමට ද ඉඩ තිබේ.
කෙසේ නමුත් සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලය තුළ මේ අපල මගහැරී සුබපල උදාවීමට හේතු වෙයි. අගෝස්තු, සැප්තැම්බර් මාසවලදී වෘෂභ හිමි දරුවන්ට අකුරු කියවීමට සුබ නැකත් යෙදේ. අලූත් අධ්‍යාපන පාඨමාලා ද ආරම්භ කිරීමට ද මේ කාලය සුබදායකයි.
විශේෂ සුබ කටයුතු ආරම්භයට සැප්තැම්බර් – නොවැම්බර් අතර කාලය යොදා ගත හැකියි. ගුරු දශා අතුරු දශා ගත කරන අයට තරමක් අපලයි.
බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6 – 7 අතර කහමල් කහකොඩි සහිත බුද්ධ පූජා තබන්න. ගිතෙල් පහන් දල්වන්න. ප‍්‍රදේශාධිපති දෙවියන්ට බාරහාර වීම සුබයි. ඖෂධ පූජාව විශේෂ ශාන්ති කර්මයකි. නවගුණ, රතන, අභිසම්භිදාන යන්ත‍්‍රයන් නිසි ලෙස සකසා පැළ`දීම අපල දුරු කර ශූභපල දීමට යෙදෙයි.

මිථුන
උදාවූ වඩාත් සුබපලදායක වසරක් බව පෙනී යයි. රවි උච්චව එකොලහේ ද ගුරු නවයේද ශනි අටේ ද ගමන් කරමින් තිබිය දී මේ වසර උදාවෙයි. ගතවූ වසරේ තිබූ අවිවේකීබව පහව යයි. ආගමික කටයුතුවලට හිත ඇදී යයි. උසස් අධ්‍යාපන කටයුතුවලින් සාර්ථක ප‍්‍රතිඵල ලැබේ. බාධා ඉවත් වේ. යහපත් ගුරුවරුන්ගේ ඇසුර ලැබේ.
අසනීප තිබුණේ නම් සුව අතට හැරේ. පෙරපින, වාසනාව උදාවෙන කාලයකි. මේ අතර දුර ගමන් හෝ දුර වන්දනා ගමන් යෑමට ඉඩ ලැබේ. විදේශ සබ`දතා ඇතිවිය හැකියි.
කෙසේ නමුත් සැප්තැම්බර් – නොවැම්බර් මාසවල ගුරු නැවත අට වැන්නේ නීචව ගමන් කරන බැවින් තරමක කරදර බාධා ඇතිවීමට ඉඩ තිබේ. ඒ කාලය තුළදී යටපත්ව තිබූ අසනීප නැවත මතුවීමට ඉඩ තිබේ. නොවැම්බර්වලින් පසුව මේ තත්ත්වය සුබ අතට හැරෙනවා ඇත.
විශේෂ සුබ කටයුතු ඇරඹීමට සැප්තැම්බර් – නොවැම්බර් මාස හැර ඉතිරි කාලය වඩාත් උචිත බව පෙනේ. කෙසේ නමුත් ශනි ඒරාෂ්ටක අපලය ද පවතින නිසා ශරීර සනීපය ගැන සැලකිලිමත් වෙන්න. ශනි දශා ගතකරන අය විශේෂයි.
සෙනසුරාදා දිනවල උදේ 6 -7 අතර බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන් ඇතුළු දෙවියන්ට පින් දී සෙත්පතා ගන්න. පූජා තබන විට නිල්මල් ෂඞ්වර්ණ, කොඩි, ගිතෙල් පහන් තබන්න. පූජා තබා කරණීය මෙත්ත සූත‍්‍රය කියා ටික වේලාවක් මෙත් වඩන්න.
වැඩිහිටි මහලූ අයට උපකාර කිරීම බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම, ගර්භණී මාතාවන්ට දන්දීම, චතු මධුර පූජාව උසස් පිංකම් වේ. බුදුගුණ යන්ත‍්‍රයක් පළ`දින්න.

කටක
රවි උච්චව දහයේද ශනි හතේද ගුරු අටේද ගමන් කරමින් උදාවන මෙම වසර මිශ‍්‍රපලදායක බව පෙනී යයි. අපේ‍්‍රල් – මැයි මාසවල ජීවිතයේ උසස් දියුණුවක් ඇතිවීමට කරුණු යෙදෙන බව පෙනේ. සමාජයේ ඔබ පිළිබඳව තිබූ ගෞරවය හා පිළිගැනීම වැඩිවේ. හිතේ සතුට ඇති වේ. රැකියා නැතිව සිටි අයට රැකියා තනතුරු ලැබේ. තත්ත්වයේ හෝ තනතුරේ උසස්වීම් ලැබීමට හේතු වේ. සතුරන් හා තර`ගකරුවන් අභිබවා යෑමට ශක්තිය ලැබේ.
ගුරු දශා අන්තර් දශා ගතකරන අයට තරමක් අවිවේකී බවක් ඇතිවිය හැකියි. රුධිරගත සීනි කොලෙස්ටරෝල් අධික වීම වැනි රෝගවලින් පෙලෙන්නේ නම් නිසි වේලාවට ඖෂධ ආදිය ගැනීමට උනන්දු වෙන්න. සැප්තැම්බර් – නොවැම්බර් මාසවල මේ තත්ත්වය ම`ගහැරී යනවා ඇත.
අනුන්ගේ ධනයක් ලැබීමට ද ඉඩ තිබේ. මේ වසර තුළ ඔබේ හිතවත් හෝ ඥාතිවරුන්ගේ මරණයක් සිදුවීමට ද ඉඩ ඇත. කෙසේ නමුත් තදබල අපල ඇති නොවේ.
සුබ කටයුතු ආරම්භයට මැයි ජුනි මාස යොදා ගන්න. ගුරු දශා ගත කරන්නේ නම් ඊට අදාළ ග‍්‍රහ ශාන්තිකර්ම කර ගැනීම මැනවි. එමෙන්ම ප‍්‍රමාණවත් නින්ද හා විවේකය ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6 – 7 අතර බුද්ධ පූජා බෝධිපූජා තබා විෂ්ණු දෙවියන්ට හා ප‍්‍රදේශාධිපති දෙවියන්ට පින්දෙන්න. පූජා තබනවිට කහමල්, කහකොඩි, තැඹිලි තෙල් නාන්, අටපිරිකර පූජා විශේෂයි.
දිනපතා බුද්ධ වන්දනාව කර සත්බුදු පිරිත හෝ දසදිශා පිරිත කියන්න. අන්‍යාගමික අයට බෙහෙත් ද්‍රව්‍ය දන්දීම හා මෛති‍්‍ර භාවනාව වඩාත් සුදුසුය. අභිසම්බිදාන, සබ්බ න්‍යාධිය යන්ත‍්‍රය පැළ`දීම ගුණදායකය.

සිංහ
ඔබේ ලග්නාධිපති රවි උච්චව ස`දු හා සිකුරු සම`ග නම වැන්නේ ද කුජ එකොලොස් වැන්නේද, ගුරු හතේද ගමන් කරමින් උදාවන මේ වසර සුබදායකයි. වසර මුලදී රැකියා අංශවල දියුණුවට කරුණු යෙදේ. සමාජයේ ඔබ පිළිබ`දව ඇති ගෞරවය හා පිළිගැනීම ඉහළ යයි. සමාජ සේවා පිංකම් වැනි දේට හිත ඇදී යයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකිවේ.
මේ අතර කතාව නිසා ද ලියවිලි නිසාද ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. ලියකියවිලිවලට අත්සන් කිරීමේ දී දුරදිග බලා කටයුතු කරන්න. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වන්න. ජුනි, ජුලි මාසවල දී ගෘහ ජීවිතය පිළිබඳ තරමක බාධා පවතින බව පෙනේ.
අගෝස්තු සැප්තැම්බර් කාලය ද සුබ කටයුතු ස`දහා සුදුසු කාලයකි. අගෝස්තු අග හා සැප්තැම්බර් මුල සිංහ හිමි දරුවන්ට අකුරු කියවීමට හා නව අධ්‍යාපන පාඨමාලා ආරම්භයට සුබ නැකත් යෙදේ.
කේතු දශා ගත කරන අයට තරමක බාධා පවතී. මේ නිසා බුද්ධ පූජා බෝධි පූජා තබා කතරගම දෙවියන්ට භාරවීම ශුභයි. පූජා තබන විට පුවක්මල්, කෙසෙල් මල් සහිතව පූජා තබා කරණීය මෙත්ත සූත‍්‍රය කියන්න. දිනපතා ටික වේලාවක්වත් මෙත් වඩන්න. කලූ, අ`දුරු පාට භාවිතා නොකරන්න.

කන්‍යා
ලග්නාධිපති බුධ හත්වැන්නේද, උච්ච රවි සම`ග සිකුරු සහ ස`දු අටේ ද ශනි පහේද ගමන් කරමින් උදාවන වසර මිශ‍්‍රපලදායක තත්ත්වයක් පෙන්වයි. මුල් මාස දෙක තුනක කාලය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීම අවශ්‍ය බව පෙනේ. උත්සාහයට මුල් තැනදී කටයුතු කළ යුතුය. සැප්තැම්බර් මාසය අධ්‍යාපන කටයුතු ආරම්භයටත්, අකුරු කියවීමටත් සුබය.
ශනි පස් වැන්නේ වසර පුරාම ගමන් කරන නිසා ඉගෙනීමේ කටයුතුවලට බාධා වනසේ අලස බව, වැඩ කල් දැමීම නිදිමත වැනි මානසික තත්ත්වයන් ඇතිවිය හැකියි. මෙය ජයගත යුතුය. විවාහ මංගල යෝජනා ගැනද සැප්තැම්බර් මාසය තුළ උනන්දුවීම සුබපලදායකය. මේ කාලය තුළ ආදායම් මාර්ග ද යහපත් වනවා ඇත.
නිවාස ඉදිකිරීම් පිළිබඳ කටයුතුවලට සුබ වන්නේ සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලයයි. ඉතිරි මාසවල කාර්ය බහුල බව අවිවේකය සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. ගුරු දශා අන්තර් දශා ගතකරන අය කොලෙස්ටරෝල්, රුධිරගත සීනි ආදි අසනීපවලින් පෙලෙන්නේ නම් ප‍්‍රවේශම් වීම මැනවි.
බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතර බුද්ධ පූජා, බෝධි පූජා තබා ප‍්‍රදේශාධිපති දෙවියන්ට පින්දීම ඖෂධ පූජාව, බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම ධජග්ග පිරිත භාවිතා කිරීම අපල දුරු කර සුබපල උදා කිරීමට යොදවනවා ඇත.

තුලා
ලග්නාධිපති සිකුරු සම`ග රවි ස`දු හතේද ගුරු පහේද ගමන් කරමින් උදාවන මේ වසර බොහෝ දුරට සුබපලදායක බව පෙනේ. ජීවිතයේ දියුණුවට කරන කටයුතුවලට අන් අයගේ උදව් ලැබේ. විවාහ අපේක්ෂාවන් ඉටුවේ. බිරිඳ හෝ සැමියාට සුබයි. ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ.
මැයි අග හා ජුනි මුලදී ඌෂ්ණාධික රෝග වැනි සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. ප‍්‍රවේශම් වෙන්න. ජුලි අගෝස්තු මාසවල රැකියා හෝ ව්‍යාපාර අංශවල දියුණුවට කරුණු සැලසේ. බලාපොරොත්තු ඉටු කරගත හැකි කාලයයි. රැකියා නැති අයට රැකියා ලැබේ. ආදායම් ඉහළ යයි.
කෙසේ නමුත් රාහු දශා හෝ අතුරු දශා ගත කරන අයට හිතේ වංචල බව, උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග ගැස්ට‍්‍රයිටීස් වැනි රෝග තත්ත්වයන් ඇති වීමට ඉඩ තිබේ. නිසි වේලාවට ආහාරපාන ගැනීම, ජලය පානය අතපසු නොකිරීම, පලතුරු ආහාර ගැනීම උචිතය.
බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට භාරවීම හා සුදුසු යන්ත‍්‍රයක් පැළ`දීම මැනවි. පූජා තබන විට වැටකේ මල් පූජාව චන්ද්‍ර පිරිත හෝ සූරිය පිරිත භාවිතා කිරිම සුදුසුය. වැදගත් තීරණ ගන්නා විට විශේෂඥ උපදෙස් ගැනීමට සැලකිලිමත් වෙන්න.

වෘශ්චික
ලග්නාධිපති කුජ අටේද රවි, ස`දු, සිකුරු හයේද ගුරු හතරේද ගමන් කරමින් උදාවන මේ වසර මුල් මාස දෙකක පමණ කාලය තරමක බාධා ඇති බව පෙන්වයි. එහෙත් පසුව ඒ තත්ත්වය ම`ග හැරේ.
රවි උච්චව හයවැන්නේ ගමන් කරමින් පවතින නිසා උසස් අයගේ උදව් ලැබේ. නීතියේ පිහිට ලැබේ. උත්සාහය, උනන්දුව, ධෛර්ය වැඩිවේ. සතුරන් පරාජයට පත් කිරීමට හැකිවේ. ගෘහ ජීවිතය දියුණුවට කරන දේ සාර්ථක වේ. සැප්තැම්බර්, ඔක්තෝබර් මාසවල රැකියා අංශවල දියුණුවට කරුණු යෙදේ. සේවක පක්ෂයේ උදව් උපකාර ලැබෙන නිසා රැකියා සාර්ථක වේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. අලූත් මිතුරන් හ`දුනා ගැනීමට ද අවස්ථාව උදාවේ. මංගල යෝජනා ස්ථිර වේ.
සැප්තැම්බර් නොවැම්බර් අතර කාලය තරමක අවිවේකී කාර්ය බහුල බවක් පෙන්වයි. උත්සාහවන්න හා අධිෂ්ඨානශීලිව කටයුතු කරන්නේ නම් මේ වසර ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගැනීමට හැකියාව ලබන වසරක් බව පෙනේ.
වසර මුලදී කුජ ග‍්‍රහයා නිසා ඇතිවන අපල දුරුකර ගැනීමට බුද්ධ පූජා බෝධිපූජා තබා කතරගම දෙවියන්ට බාර වෙන්න. අ`ගහරුවාදා දිනවල උදේ 6-7 අතර ශුභයි. රතුමල්, රතුපාට පලතුරු, රතුකොඩි පූජාව, ලේ දන්දීම, කුරුල්ලන්ට රෝගීන්ට උපකාර කිරීම විශේෂ පිංකම් වේ. මංගල සූත‍්‍රය භාවිතා කරන්න.

ධනු
ලග්නාධිපති ගුරු ග‍්‍රහයා තුන්වැන්නේ ද උච්ච රවි, ස`දු, සිකුරු පහේද ගමන් කරමින් උදාවන මේ වසර ඔබට මිශ‍්‍රඵලදායක බව පෙනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකියි. විභාගවලින් සමත් වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරිමෙන් ලාබ ලැබේ. පෙම් සබ`දතා හෝ මංගල යෝජනා ස්ථිර වීමට කරුණු යෙදේ. හදිසි ධනයක් ලොතරැයි ජයක් වැනි දෙයක් ලැබීමට ද ඉඩ තිබේ. අපේ‍්‍රල් මැයි අතරතුර මංගල යෝජනා පිළිබ`දව කටයුතු කිරිම සුබයි.
ශනි ධනස්ථානයේ ගමන් කරන බැවින් වියදම් ඉහළ යෑමට ඉඩ ඇත. වියදම් පාලනය කර ගැනීමට සැලකිලිමත් වෙන්න. අකුරු කියවීම ජුලි මාසය හා ඔක්තෝබර් මාසය තුළ ශුභ නැකත් යෙදේ.
රාහු කේතු දශා ගත කරන අයට තරමක බාධා පවතී. හිතේ සැකය, අවිශ්වාසය, උදරාබාධ ආශ‍්‍රිත හිසේ රෝග, හිතේ චංචලබව, වියදම් අධික වීම වැනි අපල ඇති විය හැකියි. මේ නිසා ශරීරයේ පෝෂණය ගැන විශේෂයෙන් සැලකිලිමත්වන්න. යකඩ/විටමින් අඩංගු ආහාර වැඩියෙන් ගන්න.
බුද්ධ පූජා, බෝධි පූජා තබා ශී‍්‍ර විෂ්ණු, කතරගම දෙවිවරුන්ට භාරවීම සුබයි. පූජා තබන විට පුවක් මල්, කෙසෙල් මල්, වැටකේ මල් පූජා විශේෂයි. පූජා තබා කරණීය මෙත්ත සුත‍්‍රය, චන්ද පිරිත හෝ සූරිය පිරිත කියන්න. දිනපතා ටික වේලාවක් මෙත් වඩන්න.

මකර
ලග්නාධිපති ශනි ලග්නයේම බලවත්ව ද රවි, ස`දු, සිකුරු හතරේද, ගුරු දෙකේද රාහු පහේද ගමන් කරමින් වසර උදාවෙයි. වසර මුලදී ගෘහ ජීවිතය සතුටුදායකයි. පවුලේ අය සම`ග සතුටින් කාලය ගතවේ. හිතේ සතුට ඇතිවේ. මව්පියන්ට ශුභයි. ඉඩම් ගෙවල්වල දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ.
සැප්තැම්බර්, නොවැම්බර් අතර කාලය තරමක කාර්ය බහුල බව, සුළු සුළු සෞඛ්‍ය ගැටලූ ඇතිවීමට ඉඩ තිබෙන බව පෙන්වයි. නැවත මේ තත්ත්වය සුබ අතට හැරේ. ජුනි අතර සුබ කටයුතු ආරම්භයට සුබ නැකත් යෙදේ. එහෙත් ඒ කාලය මංගල යෝජනාවලින් ද කටයුතුවලට සුබ නොවේ.
කුජ තරමක් දුර්වලව වසර මුලදී පවතින නිසා අනතුරුවලින් ප‍්‍රවේශම් වෙන්න. රහස් සතුරන් හා ඊර්ෂ්‍යාකරුවන් නිසා දියුණුවට බාධා ඇති විය හැකි බැවින් කල්පනාකාරී වෙන්න. රාහු දශා ගත කරන මකර හිමි ශිෂ්‍ය ශිෂ්‍යයන්ට හිතේ චංචලබව, චිත්ත ඒකාග‍්‍රතාවයට බාධා ඇතිවිය හැකියි. මේ තත්ත්වය පාලනය කර ගන්න.
කුජ ගෙන් ඇතිවිය හැකි බාධා අවම කර ගැනීම ස`දහා අ`ගහරුවාදා දිනවල බුද්ධ පූජා, බෝධි පූජා තබා කතරගම දෙවියන්ට බාර වෙන්න. දිනපතා මංගල සූත‍්‍රය භාවිතා කරන්න. ටික වේලාවක් මෙත් වඩන්න. විශේෂ කටයුතුවලදි සුබ නැකත් අනුගමනය කරන්න.

කුම්භ
සෙනසුරු දොලහේද, රවි, ස`දු, සිකුරු තුනේද ගමන් කරමින් උදාවන මේ වසර මිශ‍්‍රඵලදායකයි. ගතවූ වසරේ දොලොස්වැන්නේ ගමන් කළ ගුරු ලග්නයට මාරුවීම නිසා තරමක් දුරට සහනදායක බවක් ඇතිවේ.
වසර ආරම්භයේ උත්සාහය, උනන්දුව, ධෛර්ය ඉහළ යයි. උසස් අයගේ උදව් උපකාර ලැබේ. ප‍්‍රයෝජනවත් කෙටි ගමන් බිමන් යෙදේ. අසල්වාසීන් සමග තිබූ අමනාපකම් දුරුවේ. සුහද බව වැඩිවේ. පොරොන්දු ගිවිසුම්වලට අත්සන් තැබීමට හා ශාස්ති‍්‍රය කටයුතුවලට සුබයි. නීතියේ පිහිට ලැබේ. නිතර නිවසින් බැහැර යෑමට ද කරුණු යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විවාහ මංගල කටයුතු හා මංගල යෝජනා ස්ථිර කර ගැනීමට ද මුල් කාලය සුබදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ.
කෙසේ නමුත් ශනි ඒරාෂ්ඨක අපල තත්ත්වය තවදුරටත් පවතින බවද අමතක නොකළ යුතුය. මේ නිසා සෙම් රෝග වැනි අසනීප මෙන්ම සේවක පක්ෂයේ ගැටලූ ඇතිවීමට ඉඩ තිබේ. ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අවධානය යොමු කරනු මැනවි.
සෙනසුරාදා දිනවල උදේ 6-7 අතර බුද්ධ පූජා, බෝධි පූජා තබා ශ‍්‍රී විෂ්ණු දෙවියන්ට බාර වෙන්න. පූජා තබන විට නිල්මල්, නිල් කොඩි විශේෂයි. අසරණ මහලූ අයට උදව් උපකාර කරන්න. බෙහෙත් ද්‍රව්‍ය පරිත්‍යාග කරන්න. නිල් කලූ ඇ`දුම් ශුභ නැත. පූජා තබා කරණීය මෙත්ත සූත‍්‍රය කියා ටික වේලාවක් මෙත් වඩන්න. දිනපතා කරණීය මෙත්ත සූත‍්‍රය භාවිතා කිරීම මැනවි.

මීන
ඔබේ ලග්නාධිපති ගුරු දොලහේද උච්ච රවි සම`ග සිකුරු හා ස`දු දෙවැන්නේද කුජ හතරේද ශනි එකොලහේද ගමන් කරමින් උදාවන වසර මිශ‍්‍රඵලදායකයි. ආදායම් යහපත් වේ. නමුත් වියදම් ඉහළ යන බව වසර මුලදි පෙන්වයි. ගෘහ ජීවිතය සුබදායකයි. සැප්තැම්බර් දක්වා අවිවේකී කාර්ය බහුල බවක් පෙන්වයි.
ඉක්මන් කෝපය, කලබලවීම නිසා පවුලේ අය අතර අමනාපකම් ඇතිවීමට ඉඩ තිබේ. මේ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. විශේෂ සුබ කටයුතු ස`දහා සැප්තැම්බර් නොවැම්බර් අතර කාලය යොදා ගැනීම යහපත්ය. නිතර නිතර කෙටි ගමන්, බිමන් යෙදෙන කාලයක් බව පෙනේ. දෙසැම්බර් මාසය ද ශුභ කටයුතු යොදා ගැනීමට උචිතයි.
ලග්නාධිපති ගුරු තරමක් දුර්වලව ගමන් කරන නිසා සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමට උනන්දුවෙන් කටයුතු කිරිම වැදගත්ය.
බ‍්‍රහස්පතින්දා දිනවල උදේ 6-7 අතර බුද්ධ පූජා, බෝධි පූජා තබා ප‍්‍රදේශාධිපති දෙවියන්ට බාරවෙන්න. කහමල්, කහ කොඩි පූජා කරන්න. තැඹිලි තෙල් පහන් පූජාවද මැනවි. අටපිරිකර, සිවුරු, ඖෂධ පූජා කිරීම, චතුමධුර පූජාව, අපල දුරුවීමට හොඳයි. පූජාව අවසානයේ රතන සූත‍්‍රය කියා මෙත් වඩන්න. බුදුගුණ යන්ත‍්‍රයක් පළඳින්න. අපල දුරුවී සුබපල දෙනවා ඇත.

සුබ අලූත්
අවුරුද්දක් වේවා!

කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button