ඉකුත් යහපාලන ආණ්ඩුව ඇතුළේ ගැටුම් ඇති කරමින් එම ආණ්ඩුව බිඳ වැට්ටවීමට කටයුතු කළ කල එජාප මන්ත්‍රීවරු පස් දෙනා පිළිබඳ ඉදිරියේදී විශේෂ හෙළිදරව්වක් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සූදානමින් සිටිනවා.
ඉකුත් සතියේ මාතලේ පැවැති රැස්වීමකදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ ම සඳහන් කර සිටියේ ඉකුත් යහපාලන ආණ්ඩුව බිඳ වැට්ටවීමට එජාප වට පඩයක් පස් දෙනෙකු කටයුතු කළ බවයි.
මෙම ප්‍රකාශයෙන් පසු බොහෝ දෙනා ඔහු අමතමිනි මෙම පුද්ගලයන් කවුදැයි යන්න විමසා ඇති අතර ඔවුන් රටට හෙළි කරන ලෙස ඉල්ලා ඇති බවද දැනගන්නට තිබේ.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා මෙම පුද්ගලයන් පිළිබඳව නම් ගම් සහිත තොරතුරු හෙළි කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.