යුද හමුදාපති සිය ධුරයෙන් විශ්‍රාම යයි..

යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මැයි 31 වෙනිදා සිය ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබෙන බව යුද්ධ හමුදාව නිවේදනය කර සිටිනවා.

යුද්ධ හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත් කෙරෙනු ඇත.

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජනරාල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාපතිවරයා ලෙස ජුනි මස 01 වෙනිදා සියධුරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ධූරයට පත්වන විට වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරමින් සිටියේය. මේ අතර, වත්මන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරි හොබවන මේජර් ජෙනරල් විකුම් ලියනගේ ජූනි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි නව යුද්ධ හමුදාපතිවරයා ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතය.

Back to top button