කොවිඩ් පාලනයට රුපියල් බිලියන 262ක්..

කොවිඩ් -19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 වසරේ සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව පැවසෙනවා.

ඊයේ (30) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මුදල් අමාත්‍යංශ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ඒ බව අනාවරණය වුණා.

මේ අනුව මුදල් අමාත්‍යංශ දත්තයන්ට අනුව 2020 වර්ෂයේ දී කොවිඩ්-19 පාලනය වෙනුවෙන් රජය රුපියල් බිලියන 117ක් වැය කර ඇති අතර 2021 වර්ෂයේ මේ දක්වා තවත් රුපියල් බිලියන 53ක් වැය කර තිබෙනවා.

අදාළ කාලයන් තුළ එන්නත්කරණය හා අනෙකුත් වියදම් සඳහා තවත් රුපියල් බිලියන 92ක් වැය කර ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.

Back to top button