සත්කාරක එංගලන්තය සමගින් පැවැති දෙවැනි එක්දින කි‍්‍රකට් තරගය කඩුලූ 8කින් පරාජයට පත්වීමත් සමගින් ලෝකයේ වැඩිම එක්දින කි‍්‍රකට් තරග පරාජයට පත්වූ රට බවට ශී‍්‍ර ලංකාව පත්විය. එ් ජාත්යන්තර එක්දින කි‍්‍රකට් තරග 428ක් පරාජයට පත්වෙමිනි.
එංගලන්තයේදී පසුගිය 01 වැනිදා නිමාවට පත්වූ තරගයත් සමගින් ජාත්යන්තර එක්දින තරග 860කට කී‍්‍රඩා කර ඇති ශී‍්‍ර ලංකාව එහිදී ජයග්‍රහණ 390ක් වාර්තා කිරීමට සමත්වී තිබේ. එ් අතර වාරයේ තරග 5ක් ලකුණු සමවීමෙන් නිමාවට පත්වී ඇති අතර විසඳුමකින් තොරව තරග 37ක් නමාවට පත් වෙද්දී තරග 428ක් පරාජයට පත්වන්නට ශී‍්‍ර ලංකා කණ්ඩායමට සිදු වි තිබේ.
මීට පෙර වැඩිම ජාත්යන්තර එක්දින තරග පරාජයට පත්වී ඇති රට ලෙසින් ඉන්දීය කණ්ඩායම නම්කර තිබූ අතර (පරාජයන් 247* මේ වනවිට ඉන්දීය කණ්ඩායම පසුකර යෑමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත්වී තිබේ.
ඉන්දීය කණ්ඩායම ජාත්යන්තර එක්දින තරග 993කදී ජයග්‍රහණ 516ක් වාර්තා කිරීමට සමත්වී ඇති අතර ඔවුන්ගේ තරග ජයග්‍රහණය කිරීමේ ප්‍රතිශතය සියයට 54.67ක් වේ. කේසේ වෙතත් අඩු තරග ගණනකින් වැඩි තරග ප්‍රමාණයක් පරාජයට පත්වීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ එක්දින තරග ජය ගැනීමේ ප්‍රතිශතය සියයට 47.69ක් ලෙසින් මේ වනවිට පහත බැස ඇති අතර ජාත්යන්තර එක්දින ශ්රේණිගත කිරිමේ ලැයිස්තුවේ 09 වැනි ස්ථානය දක්වා පහත බැසීමටද ශී‍්‍ර ලංකාවට සිදුව තිබේ.