ඇමෙරිකාවේ මුදලින් ලංකාවේ ක්‍රිකට් තරු ‘පිටියෙන් ඉවත්කරන’ ජාවාරම මෙන්න..

ඇමෙරිකාවේ බලපෑම් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වන බවට thelankanews.com වෙත කරු ණු වාර්තා වනවා.

භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරාද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත්තේ එම බලපෑම් මත බවට කරුණු අනාවරණය වී තිබෙනවා.

මේවනවිට ඇමරිකාවේ සිටින ඩිලානි අබේවර්ධනගේ දියණිය සමග විවාහ වූ ෂෙහාන් ජයසූරිය මෙම ක්‍රීඩකයන් ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක කරන අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ වලට අකමැති බවට අසත්‍ය ප්‍රකාශ කරමින් යොවුන් ක්‍රීඩකයන්ව කණ්ඩායමෙන් ඉවත් කර ගැනීම සිදුවනවා.

භානුක රාජපක්ෂ සහ ඇන්ජලෝ පෙරේරාට අධික මුදලක් ගෙවා ඇමෙරිකාවට ගෙන්වා එරට තරග සඳහා එක් කර ගැනීමට ෂෙහාන් ජයසූරිය මේ වන විටත් කටයුතු සංවිධානය කර තිබෙනවා.

Back to top button