එංගලන්ත පිල හමුවේ සංචාරක ශ්‍රී ලංකා පිල ඊයේ දින ලැබූ පරාජයත් සමග ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවක් පරාජයට පත්වූ රට බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගි වුයේ 860වැනි එක්දින ජාත්‍යන්තර තරගයට වන අතර, එහිදී ලැබූ පරාජයත් සමග ශ්‍රී ලංකාව මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 428ක් පරාජයට පත්ව ඇත.
ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 5ක් ජයපරාජයෙන් තොරව අවසන්ව ඇති අතර, තවත් තරග 37කට කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැන.
ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම පරාජයට පත්වූ කණ්ඩායම් අතර දෙවන ස්ථානයේ ඉන්දියාවේ රැදී සිටියි.
ඉන්දියාව එක්දින ජාත්‍යන්තර තරග 993කට සහභාගි වී ඇති අතර, තරග 427ක් පරාජයට පත්ව ඇත.
මීට පෙර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ වැඩියෙන්ම පරාජයට පත්වූ එක්දින කණ්ඩායම බවට පත්ව සිටියේ ඉන්දීය කණ්ඩායමයයි.
තෙවන ස්ථානයේ පසුවන පාකිස්ථානය තරග 933කින් තරග 414ක් පරාජයට පත්ව තිබේ.
එක්දින ජාත්‍යන්තර තරග 828කින් තරග 384ක් පරාජයට පත්වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සිව්වැනි ස්ථානයේ පසුවෙයි.