තරුණ වෛද්‍යවරියක් කොවිඩ් වලින් මරුට..

කොවිඩ් නිව්මෝනියා රෝගී තත්ත්වයේ සංකුලතා හේතුවෙන් ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍යවරියක් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර රෝහලේ සේවය කරමින් සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වෛද්‍යවරියකි.

මෙම වෛද්‍යවරිය කොළඹ නගරයේ පිහිටි පුද්ගලික රෝහලකින් පි.සි.ආර් පරික්ෂණයක් සිදුකරගෙන ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිටි කොවිඩ් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රථිකාර ලබමින් සිටි අතර රෝගි තත්වය උත්සන්නවිම නිසා ඇයව පුද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයකට අතුළත් කර තිබෙනවා.

පසුව එක්මෝ යන්ත්‍රයේ ආධාරයෙන් ප්‍රතිකාර ලබාදිම සදහා කරාපිටිය රෝහලට රැගෙන විත් තිබෙනවා.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 22 වැනි දින පස්වරුවේ දි මෙම වෛද්‍යවරිය මියගොස් තිබුණා.

.

Back to top button