දැනට ක්‍රියාත්මක ව පවතින සංචරණ සීමා ජූනි 7 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කළ බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
“හෙට දිනයේ යම් ළිහිල් කිරීමක් කරනවා. ඒ නිවසට අවශ්‍ය බදු මිලදී ගැනීමට. වාහන පාවිච්චි කරන්න බෑ”.
එසේම මැයි 31 වනදා සහ ජුනි 3 වනදා ගෙදරට අවශ්‍ය බඩු බාහිරාදිය ගැනීමට නිවෙස් ආසන්නයේ ඇති වෙළෙඳසැළ ට යෑමට අවස්ථාව ලබාදෙන බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.