තව දවස් 7ක් රට වහයි..

කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

නිරෝධායන ඇඳීරිනීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද පැවැති රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.

Back to top button