රන්ජන්ට නිදහස් දිනයේ නිදහස ලැබෙන ලකුණු..

වසර 4ක සිරදඩුවමකට යටත්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා කලාකරුවන් පිරිසක් සාකච්ජාවක් පවත්වා ඇත.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියද එක්ව ඇති අතර ජනාධිපතිවරයාට හිතවත් ප්‍රබල ව්‍යාපාරිකයකු වන නිශ්ශංක සේනාධිපති මහතාද සහභාගීව තිබේ.

මීට අමතරව ප්‍රවීණ කලාකරුවන් වන කමල් අද්දරආරච්චි, දිල්හානි ඒකනායක ඇතුලු 30කට ආසන්න සංඛ්‍යාවක් මෙම සාකච්ජාවට එක්ව සිටි බව වාර්තා වේ.

මෙහිදී ජනාධිපතිවරයාට ලබා දීම සදහා ලිපියක්ද සේනාධිපති මහතා වෙත භාරදීමට කලාකරුවන් පියවර ගෙන ඇත.

කෙසේවෙතත් ප්‍රවීණ කලාකරුවන් වන මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක වැන්නන් මීට සහභාගී වී නොතිබීමද විශේෂ සිදුවීමකි.

රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 4 නිදහස් දිනයට සමගාමීව සමාව හිමිවනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Back to top button