අනුරට බිත්තර ගහන්න පැමිණි දෙන්නෙක්, ඇමැතිගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නම් කියයි..

ගම්පහ දී පැවැත්වූ ජාතික ජන බලවේගයේ (NPP) ගම්පහ දිස්ත්‍රික් සමුළුවට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු සමුළුවට සහභාගී වූවන් විසින් අල්ලා ගෙන නිට්ටඹුව පොලීසියට බාරදී ඇති අතර අනතුරුව ඔවුන් විසින් මෙම බිත්තර ප්‍රහාරයේ සියලු තොරතුරු අනාවරණය කර ඇති බව දැනගන්නට ඇත.

එහිදී ඔවුන් ප්‍රදේශයේ ප්‍රබල ඇමැතිවරයකුගේ සහ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ නමක් හෙළිදරව් කොට ඇති බව වාර්තා වේ.

මෙම කටයුත්ත වෙනුවෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 5000ක් ලබාදුන් බවත් මීට පෙර කොළඹ කොටුවේ පැවති ජවිපෙ උද්ඝෝෂණයට බිත්තර ප්‍රහාරයක් එල්ල කරන ලද්දේ ද ඔවුන් විසින් බවත් මෙම අය පිළිගෙන ඇති බව දැනගන්නට ඇත.

රැස්ව සිටි පිරිස විසින් අල්ලා ගන්න ලද පුද්ගලයන් තමන් බාරයට යොමුකළ බවත් මෙම බිත්තර ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කිරීම ගැන පරීක්ෂණ පවත් වන බවත් නිට්ටඹුව පොලිසිය පවසයි.

Back to top button