දේශපාලනයට පැමිණිය යුතු ‘වයස ගැන’ විමුක්ති අදහස ප්‍රකාශ කරයි..

දේශපාලනයට පැමිණිය යුතු කලය සම්බන්ධයෙන් විමුක්ති කුමාරතුංග පල කළ අදහසක් පිළිබඳව මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්ව තිබේ.

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙම සාකච්ඡාවලදී සියලු දෙනාම පාහේ විමුක්තිගෙන් එක් ප්‍රශ්නයක් විමසීමට අමතක නොකළහ.

ඒ, විමුක්ති දේශපාලනයට පැමිණෙන දිනය සම්බන්ධයෙනි. එහිදී විමුක්ති කියා ඇත්තේ තරුණ කාලයේ දේශපාලනයට පැමිණ අවුරුදු 20ක් 30ක් දේශපාලනය කොට ඉහළ තැනකට පැමිණිය යුතු යැයි කියා නියමයක් නොමැති බවය.

මවගේ පියා වූ බණ්ඩාරනායකයන් සහ ජේ.ආර්. ද බුද්ධියෙන් පැසුණු අත්දැකීම් සහිතව සිටියදී දේශපාලනයේ ඉහළ තැන්වලට පැමිණි බව ඔවුන්ට කියා සිටි විමුක්ති එසේ සමාජ අවබෝධයක් සහිතව දේශපාලනය කළ යුතු බවද කියා සිටියේය. මේ හරහා තමන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් කිසියම් ඉඟියක් ලබාදීමට එහිදී විමුක්ති කටයුතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

Back to top button