ආණ්ඩුවට සහාය දැක්වූ අනෙකුත් සියලු පක්ෂවල නියෝජිතයන් ඉවත් කොට පිරිසිදු පොහොට්ටුවේ තනි ආණ්ඩුවක් සකස් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කොට ඇති බව වාර්තා වේ.
මේ වන විට ආණ්ඩුවෙන් ඉවත් වීමට ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ 11ක නායකයන් නොනිල වශයෙන් තීරණය කර තිබීමත් සමග බැසිල් රාජපක්ෂ මහතා මෙම තීන්දුව ගෙන ඇති බවද දැනගන්නට ඇත.
ඒ අනුව පොහොට්ටුව සතුව මන්ත්‍රීවරුන් 120කට ආසන්න සංඛ්‍යාවක් සිටින බැවින් බැසිල් රාජපක්ෂ මහතා මෙම තීන්දුව ගෙන ඇති බවද පැවැසේ.
මාර්තු 5, 2022