ලංකාවට ඍජුවම ‘ඉන්දියාවේ සිට’ විදුලිය ගන්න සුදානමක්..

ඉන්ධන ආනයනය කිරීම සදහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකගතාව පළ කොට ඇති බව වාර්තා වේ.

මෙම ණය මුදල ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට ලැබෙනු ඇති බව පැවසේ.

මීට අමතරව මේ වනවිට බරපතළ අර්බූදයක් බවට පත්වෙමින් තිබෙන විදුලි අර්බූදය විසදා ගැනීම සදහා ඉන්දියාවෙන් ඍජුවම විදුලිය ලබා ගැනීම සම්බන්ධයෙන්ද මේ වනවිට සාතච්ජා ආරම්භ වී ඇති බව දැනගන්නට ඇත.

Back to top button