අගමැති තනතුර ලබා ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සැළසුමක් සකස් කර ඇති බව වාර්තා වනවා.
බහුතරය පෙන්වා පාර්ලිමේන්තුවේ බලය ලබාගැනීමට ඔහු සාකච්ඡා කර සාර්ථක ප්‍රතිපල ලබාගෙන ඇති බවයි එම වාර්තා මගින් සඳහන් කළේ.
ඔහු සමග සමගි ජනබලවේගයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල සංඛ්‍යාවක් එක්වීමට සූදානමින් සිටින බවත් මුස්ලිම් පක්ෂ සහ ද්‍රවිඩ ජනතා සන්ධානයේ සහාය ද ලබා ඇති බවත් එම වාර්තා මගින් සදහන් කෙරුණා.
පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් ද ඒ අතර වනවා
යම් ලෙසකින් ඔහු බහුතරය පෙන්නුවොත් විපක්ෂයට යාමට පොහොට්ටුව තීරණය කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැතිවරයා වීමට වඩා එය සුදුසු බවයි පොදු ජන පෙරමුණේ අදහස වී ඇත්තේ.
අප්‍රේල් 30, 2022