නැවත දැනුම් දෙන තුරු අන්තර් පළාත් සංචරණ සීමා කිරීම ක්රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා පැවසීය.
පළාත් අතර සාමාන්ය සේවා සඳහා වන ගමන් බිමන් ලිහිල් කිරීමට තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය.
සීමිත බස් හා දුම්රිය සේවා අගෝස්තු 1 වනදා දක්වා පළාත් අතර ක්රියාත්මක වුවද, වැඩිදුර දැනුම් දීමක් සිදු වන තුරු අන්තර් පළාත් සංචරණය සීමා කර ඇති බව යුද හමුදාපතිවරයා පැවසීය.