හදිසි පාස්පෝට් ගන්න වැඩි පිරිසක් පැමිණෙයි..

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පසුගිය දින 10 තුළ එක්දින සේවයෙන් පමණක් පුද්ගලයන් 12,158 ක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

සාමාන්‍ය දිනකදී එක්දින සේවයට ඉල්ලුම්පත් දහසක් පමණ ලැබුණ ද පසුගිය දිනවල එම සංඛ්‍යාව 1500 ඉක්මවා තිබූ බව කී එම නිලධාරියා ඒ අනුව එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සියයට 50 කින් වර්ධන වී ඇති බවත් සඳහන් කළේය.

පසුගිය දින 10 තුළදී සාමාන්‍ය සේවයෙන් පුද්ගලයන් 11,000 කට අධික සංඛ්‍යාවක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කර ඇති බවත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාතර, මහනුවර, වවුනියාව සහ කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාවලින් පසුගිය දින 10 තුළදී පුද්ගලයන් 10,000 කට අධික පිරිසක් සේවය ලබාගෙන ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

Back to top button