පාකිස්තාන විදුලි සංදේශ අධිකාරිය විසින් අද දිනයේ ෆේස්බුක්, ට්විටර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ඇතුළු සියලුම සමාජ මාධ්‍ය වේදිකා පැය කිහිපයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
තහනම් අන්තවාදී ආගමික කණ්ඩායමක් විසින් සිදුකරන ප්‍රචණ්ඩකාරී විරෝධතා මැඩපැවැත්වීමේ පියවරක් ලෙස අද (16) දිනයේ සවස 4 වන තෙක් මෙම සමාජ මාධ්‍ය වේදිකා වල සේවය අත්හිටවා තිබුණා.
මීට පෙර පාකිස්තාන රජය ත්‍රස්ත විරෝධී පනත යටතේ තහනම් කර තිබූ රැඩිකල් ඉස්ලාමීය පක්ෂයක් වන ටීඑල්පී සංවිධානය විසින් රටේ සාමය හා ආරක්ෂාව අගතියට පත්වන අයුරින් කටයුතු කර තිබුණා.