තව සති කිහිපයකින් ලංකාව බංකොලොත් වෙනවා – හිටපු විගණකාධිපති

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බව ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

වත්මන් රජය බලයෙන් පහ කිරීම අනිවාර්යය කරුණක් බවත්, අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපතිවරයා සඳහන් කර සිටියා.

නිදහස් චතුරස්‍රයේ පැවති විරෝධතාවකින් අනතුරුව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි මෙම අදහස් පල කෙරුණේ.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ. තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා. හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව. මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ.

Back to top button