විදෙස්ගත ලාංකිකයන්ට මෙරටට එන්න විදේශ අමාත්‍යාංශයේ අවසරය ඕනේ නෑ..

විදෙස්ගතව සිට මෙරටට පැමිණීනෙන ශ්රී ලාංකිකයින් ඒ සදහා විදේශ කටයුතු අමාත්යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බවට මෙතෙක් පැවති නීතිය ඉවත් කිරීමට රජය ඊයේ තීරණය කර ඇත.
ඒ අනුව අද (06) සිට බලපැවැත්වෙන පරිදි අදාළ අවසර ලබා ගැනීම අහෝසි කළ බව විදේශ කටයුතු අමාත්යාංශයේ අධ්යක්ෂක බාලසුබ්රමනියම් කාන්දීපන් මහතා පැවසීය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඉකුත් වසරේ මාර්තු 16 වැනිදා සිට මෙරට ගුවන් තොටුපොළ වල් වසා දැමීමට රජය තීරණය කළදා පටන් වසරකට ආසන්න කාලයක් තිස්සේ විදෙස්ගත ශ්රී ලාංකිකයෙකු හෝ , විදේශිකයෙකු මෙරටට පැමිණීමේදී විදේශ අමාත්යාංශයෙන් අවසර ලබා ගත යුතු බවට රජය තීරණය කර තිබිණි.
 
නමුත් විදේශයන්හි සිට මෙරටට පැමිණෙන ලාංකිකයින් මුහුණ පාන ගැටලු හා අපහසුතා සැලකිල්ලට ගනිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම තීරණය තවදුරටත් ක්රියාත්මක වීම අත්හිටුවූ බව ද කාන්දීපන් මහතා වැඩිදුරටත් කීය.
විදෙස්ගත ලාංකිකයින්ට අමතරව විදේශීය නාවිකයින් වරායන් හෝ ගුවන් මගින් මෙරටට පැමිණීමේදී විදේශ කටයුතු අමාත්යාංශයෙන් හා සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් අවසර ලබා ගත යුතු බවට පනවා තීබූ තීරණයද අහෝසි කළ බවද හෙතෙම වැඩිදුරටත් කීය
 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Back to top button