විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142ක් කොරෝනාවට බිලි..

විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142 දෙනෙකු කොවිඩ් 19 වෛරසය ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
 
ලාංකික ශ්රමිකයින් 4800 ඉක්මවූ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති අතර ඉන් 4600 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්ය ප්රකාශක, මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.
 
මැදපෙරදිග ඇතුළු රටවල් 16 කින් එම මරණ සහ ආසාදිතයින් වාර්තා වී තිබේ.
 
එම සියලු පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබාගෙන රැකියා සඳහා පිටත්ව ගිය පුද්ගලයින් බව මංගල රන්දෙණිය මහතා සඳහන් කරයි.

Back to top button