අදියර හතරක් යටතේ පාසල් විවෘත කිරීමට සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා උපදෙස් ලබා දුන් බවත් ඒ් අනුව ළමුන් 200ට අඩු පාසල් ප්‍රථමයෙන් විවෘත කිරීමට සැළසුම් කර ඇතැයි අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරනවා.
කොවිඩ් වසංගතයේන් පසු පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා අද (24) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ලේකම්වරයා මේ බව පවසා තිබෙන්නේ.
ඊයේ(23) දිනයේදී අධ්‍යාපන අමාත්‍යවරයා සියළුම පළාත් ආණ්ඩුකාරවරු හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර අද(24) දිනයේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු,ඇතුළු නිලධාරින් එම පළාත් පාසල් වල නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට නියමිතයි.
ඒ් අනුව පාසල් සංවර්ධන කමිටු, ප්‍රජා පොලිස්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ,දෙමව්පියන් ආදි සිසුන් ඇතුළු සියලු දෙනා එක්ව ඉදිරි සති 02 තුළදී පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවද සෞඛ්යාරක්ෂිත බව තහවුරු කිරීමෙන් අනතුරුව පාසල් වලින් නිර්දේශ ලැබූ විගස පාසල් ආරම්භ කිරීමට සූදානම් බවද ලේකම්වරයා සඳහන් කරනවා.