සුසිල් ප්‍රේමජයන්ත අතුරුදන්..

රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ ස්වාධින මන්ත්‍රීවරයකු වශයෙන් සිටින බවට ප්‍රකාශයක් කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ දිනවල කිසිවකුටත් සොයාගැනීමට නොහැකිව සිටින බව වාර්තා වේ.

පසුගිය දිනවල ස්වාධින කණ්ඩායමේ සාකච්ජාවන් සදහා ඒ මහතා සහභාගී වී සිටියද ඉකුත් දින කිහිපය ඇතුළත ඒ මහතා පිළිබද කිසිදු තොරතුරක් වාර්තා ‌වී නොමැති බව දැනගන්නට ඇත.

අවම වශයෙන් ලබා දෙන දුරකතන ඇමතුම්වලට හෝ ඒ මහතා පිළිතුරු නොදෙන බවද පැවසේ.

කෙසේවෙතත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සදහන් කරන්නේ ලබන 18 වැනි දින දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලයට සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ නමද ඇතුළත්ව ඇති බවකි.

Back to top button