සිඩ්නි නගරයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..

ඔස්ට්රේලියාවේ සිඩ්නි නගරයේ කොවිඩ් -19 ව්යාප්තිය හදිසි තත්ත්වයක් ලෙස ප්රකාශයට පත්කර තිබේ.
සිඩ්නි නගරයේ දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් සෞඛ්ය අංශ විසින් එය හදිසි තත්ත්වයක් ලෙස ප්රකාශයට පත් කර ඇති බව සඳහන්ය.
 
ඩෙල්ටා කොවිඩ් ප්රභේදය හේතුවෙන් මෙලෙස ආසාදිතයින් සංඛ්යාව ඉහළ යමින් පවතින අතර මාසයක කාලයක් පුරා සිඩ්නි නගරය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.
 
ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 136 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ එම නගරයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව 1,782 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
 
කොවිඩ් ආසාදිතයින් සංඛ්යාව ඉහළ යෑම හේතුවෙන් එන්නත්කරණ වැඩසටහන වහාම ක්රියාත්මක කළ යුතු බව ඔස්ට්රේලියානු සෞඛ්ය අංශ පෙන්වා දී තිබේ
.
මේ අතර ලොව වැඩිම දෛනික ආසාදිතයන් වාර්තා වන රට බවට නැවතත් අමෙරිකාව පත්වී සිටී.
ඊයේ එරටින් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්යාව 60,000කට ආසන්නය.
ලොව සමෘද්ධිමත් රටක් වූ අමෙරිකාවේ ජන ජීවිතයේ ගුණාත්මකභාවයට කොවිඩ් වසංගතය දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ.
 
එහි දැක්වෙන අන්දමට වසංගතය, අමෙරිකානුවන්ගේ මානසික සෞඛ්ය, සමාජීය යහපැවැත්ම මෙන්ම ආර්ථිකය ද දුර්වල කර ඇත.
 
සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්යාව අද 19 කෝටි 34 ලක්ෂය ඉක්මවා ගියේය.
වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්යාව 41 ලක්ෂ 50,000කට අධිකය.
 

Back to top button