වැටුප් වැඩිවීම අදියර දෙකකින් නොව එක්වර අවශ්‍ය බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දිගටම පවත්වාගෙන යන බවත් ගුරු සංගම් ඊයේ 13 නිවේදනය කළේය.
ඒ අනුව 21 දා පාසල් විවෘත කරනවා ද නැද්ද යන්න ඉදිරි දින කීපය තුළ තීරණය කරන බව මේ සම්බන්ධව කළ විමසීමක දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසීය.
ඊයේ පැය තුනකට අධික කාලයක් අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිවරයා, ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම, පරිසර ඇමති මහින්ද අමරවීර, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇමති සුසිල් ප්‍රේමජයන්ත සහ මුදල් හා අධ්‍යාපන අමාත්‍යාංශවල නිලධාරීහු එක්ව පැය තුනකට ආසන්න කාලයක් ගුරු වෘත්තීය සමිති සමග සාකච්ඡා පවත් වනු ලැබීය.
කැබිනට් අනුමැතිය ලැබී තිබුණේ අදියර තුනකින් වුව ද වැටුප් විෂමතාව අදියර දෙකකින් ඉවත්කිරීමේ යෝජනාව අගමැතිවරයා විසින් වෘත්තීය සමිති වෙත ලබා දුන්නේය. ඊට වෘත්තිය සමිති සිය විරෝධතාවය හෝ එකඟතාවය පල කළේ නැත.