තිරුක්කෝවිල් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ තවත් නිලධාරීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
මීට අමතරව මෙම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ නිලධාරීන් හතරදෙනෙක් කල්මුණේ අශ්‍රොෆ් අනුස්මරණ රෝහලට ඇතුළත් කර තිබුණා.
ඊයේ රාත්‍රි 10.00 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩිදුර විමර්ශන සඳහා ඔහු පොතුවිල් පොලීසිය වෙත භාර දී තිබෙනවා.
නිවාඩු සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇති බවටයි සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ