වසංගතයක් වූ ටික්ටොක්..

මොකක්ද මේ ටික්ටොක්?
 
චීන නිර්මාණයක් වූ මෙම ඇප් එක අද වන විට ලෝකයේ භාවිතා නොකරන රටක් නැති තරම්ය. ඒ අතරින් ඔබ මා වෙසෙන මේ ශරී ලංකාව තුළත් එය අස්සක් මුල්ලක් නෑර වයස් බේදයක් නොතියාම ව්යාප්ත වී හමාරය. ඕනෑම දෙයක අයහපත් පාර්ශ්වය ඉහළ ගිය කල එය වසංගතයක්, භීතිකාවක් වනු නියතයි.
මෙහිදී ටික්ටොක් තුළින් නිර්මාණාත්මක දේ අපට හමුවන බව සැබැයි. නමුත් බහුතර පරතිශතයක් ගත්කල නොවැදගත්, හිස්, මෙන්ම බෞද්ධ හැදියාව, සාරධර්ම පිරිහෙන කරියාවන් සහිත චරිත බිහිවීම බහුලව දැකිය හැකිය.
 
එදා සිංහල සමාජය තුළ නොහොබිනා යැයි අසම්මත වූ බොහෝ දෑ අද වන විට තරුණ පරපුර බොහෝ සේ ලොල්ව සම්මත යැයි වැළඳගෙන ඇත.
 
තවද ටික්ටොක් ජාලය තුළ වැඩිපුර දකින්නට ලැබෙනුයේ පරසිද්ධිය උදෙසා විවිධ පුද්ගලයන් ඕනෑම දෙයක් සිදු කිරීමයි. ඒ අතුරින් කාන්තා පාර්ශ්වය නිරුවත පෙන්වීම සිදු කරනුයේ කිසිම පැකිලීමක් නැතිවය. මෙහිදී කාන්තා පාර්ශ්වය ලෙස සමස්ත කාන්තාවන්ම ගනු ලැබුවේ සමාජ ජාලාවල නිතර දකින අඩ නිරුවතින් හැසිරෙන්නේ තරුණියන් පමණක් නොව විවාහ වී මුණුපුරන් පවා ඇති විවාහක කතුන් පවා මෙහිලා තම නිරුවත පරදර්ශනය කිරීමයි. තරුණ වැඩිහිටි පරපුරට වඩා මෙහිලා ගොදුරක් වී ඇත්තේ ළමා පරපුරය.
 
කටේ කිරි සුවඳ යන්නට පෙර දුරකථන අතට ලැබෙන දරුවන් අතර මේ ටික් ටොක් ආයිත්තම ඉතා පරචලිතය. මෑතකාලීනව සමාජ ජාලා තුළ බහුලව අප මෙවැනි සිද්ධීන් කිහිපයක් දැක ඇත්තෙමු. වයසට වඩා මුහුකුරා ගිය හැසිරීම් තුළින් දරුවන් තුළ ළමා ළපටි ගති ගිලිහී ගොසින්ය. දරුවන්ගේ ටික් ටොක් දර්ශන තුළ පේරම ජවනිකා, මැර ජවනිකා අප බොහෝ දැක ඇත.
 
ඉඳින් නොදැනුවත්ව අප මේ බලා සිනාසෙන්නේ රස විඳින්නේ අප සමාජය තුළින් ගිලිහෙන එකී ස්තරීත්වය, ළමාකම, පෞරුෂත්වය දෙස බලාය. නමුත් සිදුවිය යුත්තේ ඒවා දෙස බලා සිනා සී රසවිඳීම නොව හැඬීමයි.
 
අප කළ යුත්තේ ගසක් වන්නට පෙර පැළය හො`දින් ඇවැසි පරිදි හදා ගැනීමයි. මෙහි ලා අප සියලූ දෙනාට වගකීමක් වන්නේ මුළු මහත් සමාජයම මෙවැනි විදෙස් රටවලින් එවැනි විෂබීජවලින් රටදැය බේරා ගැනීමයි. මවක්, පියෙක්, සහෝදර සහෝදරියක්, වැඩිහිටියෙක්, මිතරයෙක් ලෙස අප සැමට එහිලා මහඟු වගකීමක් ඇත.
 
ආර්. එම්. එච්. ආර්. රත්නායක
නැගෙනහිර විශ්වවිද්යාලය.
 

Back to top button