ලංකාවට එන සංචාරකයින්ට නව වෙබ් අඩවි දෙකක්..

ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා වන සංචාරක ක්‍රියාවලිය සරල කිරීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) නව වෙබ් අඩවි දෙකක් ආරම්භ කර තිබේ.

සංචාරකයින්ට ඔවුන්ගේ පි.සි.ආර් පරීක්ෂණ සහ සංචාරක රක්‍ෂණය සඳහා එක් වෙබ් ද්වාරයක් හරහා සෘජුවම ගෙවිය හැකි අතර වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය සුවිශේෂී සංචාරක යොමු අංකය දෙවන වෙබ් අඩවිය හරහා ලබා ගත හැකි බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

එම වෙබ් අඩවි දෙක පහතින්…
පි.සි.ආර් පරීක්ෂණ සහ සංචාරක රක්‍ෂණ ගෙවීම : visitsrilanka.gov.lk
වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට : eta.gov.lk

Back to top button