සඳුදා සිට දඩ කොළ ගෙදරටම එයි.. වරදේ ඡායරුපයකුත් ඒ සමග එයි..

පිටපළාත්වල සිට දිනපතා කොළඹට ඇතුළුවන වාහනවල රියදුරන් නගර සීමා තුළ දී සිදු කරන වැරදි CCTV කැමරා මගින් රූගත කොට ඒ මගින් හඳුනාගෙන වැරදිකරුවන්ට අදාළ පොලිස් පණිවිඩ නිවෙස්වලට යවා ඔහුව පොලිසියට කැඳවා දඩ කොළ ලබා දෙන නියමු ව්‍යාප්‍රතියක් ලබන 14 වන දා සිට ක්‍රියාත්මක වන බව රථවාහන පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

දිනපතා කොළඹ නගරයට වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ඇතුළු වන නිසා රියදුරන් සිදුකරන වැරදි මත ඔවුන් අතරමග නතර කර පොලීසිය ක්‍රියා කිරීමට යාමෙන් වාහන තදබදයක් ඇති වීමත් ඒ සඳහා නිලධාරීන් රැසක් අවශ්‍ය වීමත් නිසා මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබෙනවා.

Back to top button