ත්‍රිකුණාමලය තෙල් ටැංකිවල සිංහ කොඩිය උස්සනවා – ගම්මන්පිල

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයෙක් අතර පසුගිය දිනෙක ඉතා රහසිගත සාකච්ජා වටයක් පැවැත්වී ඇති බව දැනගන්නට ඇත.

මෙම හමුව ඉතා රහසිගත ස්ථානයක පැවැත්වී ඇති බව ඉරිදා ජාතික පුවත්පතක් ද වාර්තා කර තිබේ.

මෙහිදී ‌සාකච්ජා වී ඇති කරුණු පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතත් ‌දෙපාර්ශවයට යළි එකට වැඩ කළ හැකි ආකාරයක් තිබේද යන්න පිළිබදව මෙහිදී සාකච්ජා වී ඇති ආකාරයක් දැනගන්නට ඇත.

පසුගිය දිනෙක් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත සහ නලින්ද ජයතිස්ස යන මහත්වරු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියේ ජවිපෙ හැර ගිය සාමාජිකයන්ද මේ අවස්ථාවේ යලි ජවිපෙට එකතු කර ගත යුතු බවකි.

Back to top button