ශ්‍රී ලාංකිකයන්ට ජුනි 08 දා සිට UK යන්න බෑ..

 
ජුනි 08 දා සිට ලාංකිකයන්ට නැවත දැනුම් දෙන තුරු එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර නොදෙන බව ශ්රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කරයි.
 
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබීම මේ සඳහා හේතුව වෙයි.
 
කෙසේ වෙතත් ජුනි 05, 06 හා 07 දා දිනවල ලන්ඩන් සිට ක්රියාත්මක වන ගුවන් ගමන් වාර තුන (UL 503) සඳහා දැනටමත් ගුවන් ගමන් වෙන්කරවා ඇති මගීන්ට මෙය බලනොපාන බව සමාගම දන්වා සිටියි.
 
ඒ අනුව ජුනි 08 දා සිට ලාංකිකයන්ට එක්සත් රාජධානියට යාමට අවසර නොලැබෙන අතර බ්රිතාන්ය පුරවැසියන්/ අයර්ලන්ත පුරවැසියන් හෝ එක්සත් රාජධානියේ පදිංචිය සඳහා පුරවැසි හිමිකම ඇති අයට පමණක් එරටට ඇතුළත්වීමට අවස්ථාව ලැබේ.
 
කෙසේ වෙතත් ඔවුන්ගේ ගුවන් ගමනට පැය 72කට පෙර පෙර කොවිඩ් 19 පරීක්ෂණයක් කර එය සෘණාත්මක ප්රතිඵලක් ලබා ගත යුතු වෙයි.
 
එසේම ඔවුන් පැමිණීමට පෙර නිරෝධායන සඳහා හෝටලයක්ද වෙන් කර යුතු වෙයි. අදාළ වෙන්කිරීම සඳහා හෝටල්, නිරෝධායන ප්රවාහනය හා නිරෝධායනයේ දෙවැනි හා අටවැනි දින වලදී සිදුකරන ලසද කොවිඩ් පරීක්ෂණදද ඇතුළත් වෙයි.

Back to top button