රුසියානුවෙක්ම ඔත්තුව දී යුක්‍රේන ජනපතිගේ ජීවිතය බේරා දෙයි..

සිය ජනාධිපතිවරයා ඝාතනය කිරිමට පැමිණි චෙච්නියානු විශේෂ බලකා කණ්ඩායමක් ඝාතනය කිරිමට හැකිවූයේ රුසියවෙන්ම ලැබුණු ඔත්තුවකින් බව යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

සිය ජනාධිපතිවරයා ඝාතනය කිරිමට පැමිණි කණ්ඩායම විනාශ කළ බව සඳහන් කරමින් යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov සඳහන් කර සිටියේ.

මෙම චෙච්නියානු භට පිරිස යුක්රේන ජනාධිපතිවරයා ඉලක්ක කර ගෙන පැමිණ ඇති බවට වන තොරතුරු හෙළිකර සිටියේ ද රුසියාව විසින් බවයි යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov ප්‍රකාශ කර සිටියේ.

“රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක ඒකකයේ සිටින නිලධාරින් ගෙන් අපට අවශ්‍ය තොරතුරු ලැබුණා. ඔවුන් මේ ආක්‍රමණයට විරුද්ධ පිරිසක්” ඔහු සඳහන් කර සිටියා.

මේ අතර යුක්රේන ජනපතිගේ ඝාතනය සඳහා පැමිණි බව කියන තවත් ආයුද සන්නද්ධ කණ්ඩායමක් පසුපස සිය ආරක්ෂක අංශ හඹා යමින් සිටින බවයි යුක්රේන ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් Oleksiy Danilov වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Back to top button