පාලම පුපුරවා දිවි පිදූ යුක්‍රේන හමුදා විරුවා..

Crimea සිට ඉදිරියට ඇදෙන රුසියානු භට පිරිස් සහ ඔවුන්ගේ සන්නද්ධ රථවලට යුක්රේන දේශසීමාව පසුකර යෑමට ඉඩ ඇහිරීම සඳහා සිය ජීවිතය පුජා කළ යුක්රේන රණවිරුවෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

Vitaly Shakun නම් වූ මෙම විරෝධාර සොල්දාදුවා සහ ඔහුගේ භට පිරිස යුක්රේනයේ Kherson හි ස්ථානගතවී සිට ඇති අතර ඔවුන් විසින් එහිදී රුසියානු භට පිරිස් සිය දේශසීමාව ඇතුල්වීම වැළැක්වීම සඳහා වූ Henichesk පාලම පුපුරුවා හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ සිය හමුදාවන්ට රුසියානු ආක්‍රමණයට මුහුණ දීමට සඳහා සුදානම් වීමට ඉඩ ලබාදීම සඳහායි.

ඒ අනුව Vitaly Shakun විසින් පාලමේ පුපුරණ ද්‍රව්‍ය අසුරා එය පුපුරුවා හැරීමට පෙර සිය භට පිරිස් ඉවත්වන ලෙස දැනුම් දීමෙන් ඔහු ඔහු එම පාලම ද පුපුරුවා ගනිමින් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සිය ජිවිත පරිත්‍යාග කරමින් Vitaly Shakun සිදුකළ ඒ අභීත ක්‍රියාව ගැන යුක්රේන ආරක්ෂක අමාත්‍යාංශය විසින් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සිය උපහාරය පුදකර තිබෙනවා.

Back to top button