ඉහළ පෙළේ ආරක්ෂක තාක්ෂණික පහසුකම් හුවමාරු කර ගැනීමට හැකි වන පරිදි අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඕස්ට්‍රේලියාව එක්ව විශේෂ ආරක්ෂක ගිවිසුමක් ප්‍රකාශයට පත් කර ඇත.
විදෙස් විචාරකයින් පවසන්නේ ඕස්ට්‍රේලියාව, අමෙරිකාව සහ බ්‍රිතාන්‍ය එක්ව ප්‍රකාශයට පත් කළ නව ආරක්ෂක ගිවිසුම චීනයට අනතුරු ඇඟවීමේ උත්සාහයක් විය හැකි බවකි.
මේ අනුව ඕස්ට්‍රේලියාවට අලුතින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන නිෂ්පාදනය කිරීමට අවස්ථාව උදාවනු ඇති බව විදෙස් මාධ්‍යයේ වාර්තා කොට ඇත.
එසේ සිදුවුවහොත් ඕස්ට්‍රේලියාවට එම අවස්ථාව හිමිවන පළමු අවස්ථාව මෙය වේ.
මෙම ආරක්ෂක ගිවිසුම අවුකස් ලෙස නම් කර ඇති අතර එමගින් කෘතීම බුද්ධිය, ක්වොන්ටම් තාක්ෂණය හා සයිබර් අවකාශය ආවරණය වන පරිදි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතයි