ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය දැනුම් දෙයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයින් තෝරාගනු ලැබේ.
ඒ, ශ්‍රී ලංකා විදේශ සේවය සඳහා නිලධාරීන් පත් කිරීමේ අධිකාරිය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද නීතිරීති හා රෙගුලාසිවලට අනුවය.
සේවයට බැඳීම සඳහා තෝරාගන්නා ලද සාර්ථක අයදුම්කරුවන් හට විදේශ අමාත්‍යාංශයේ සේවය කිරීමට අවස්ථාව ලැබෙන අතර, විදේශ ශ්‍රී ලංකා දූත මණ්ඩල 67ක දී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරප්‍රසාදය හිමි වේ.