‘ලස්සනට පිපුණ වන මල් ’ ගීතය ලියූ ශාන්ත හිමි අපවත් වෙයි!

ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වී ඇත.

ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම්. පතිරාජ කියා සිටියේ, කොරෝනා එන්නත ලද පසුව හදිසි අපහසුතාවකින් රෝගාතුර තත්ත්වයක් හේතුවෙන්, උන්වහන්සේ අපවත් වූ බවයි.

“ලස්සනට පිපුන වනමල් ” “එපා එපා මස් කන්නට” ( නිහාල් )- “රූසිරිය ඈගේ ” (වර්නන්) – “මුතුමැණිකේ උදේ රැයින් ” (සී.ටී.) වැනි ජනප්‍රිය ගී ලියූ , ගිරිඋල්ල බෝපිටිය ශ්‍රී සුදර්ශනාරාම රජ මහා විහාරාධිකාරි අතිපූජ්‍ය කිවිපති මීගහවෙල සුමනශාන්ත හිමියන් අපවත් වූ බව ශ්‍රී සුමන අභයදාන සංගමයේ ලේකම් දිනේෂ් එම් . පතිරාජ ඉතාමත් සංවේගයෙන් දන්වා සිටී .

Back to top button